Saturday, April 27, 2024
Home » ලෝක ජල දින ජාතික උත්සවය ඇමැති ජීවන්ගේ ප්‍රධානත්වයෙන්

ලෝක ජල දින ජාතික උත්සවය ඇමැති ජීවන්ගේ ප්‍රධානත්වයෙන්

by sachintha
March 28, 2024 1:57 am 0 comment

ලෝක ජල දිනය 2024 නිමිත්තෙන් සංවිධානය කළ ජාතික උත්සවය රත්මලානේ පිහිටි ජලය හා සනීපාරක්ෂාව පිළිබඳ විශිෂ්ටතා කේන්ද්‍රයේදී ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වාර්මාර්ග හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණි.‍ ‘සාමය සඳහා ජලය’ යන තේමාව යටතේ පැවැත්වුණු මෙවර ලෝක ජල දින උත්සවයේ ප්‍රධාන ආරාධිත දෙසුම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහචාර්ය එස්.ටී. ධර්මරත්න මහතා විසින් පවත්වනු ලැබූ අතර, ලෝක ජල දින දීප ව්‍යාප්ත පාසල් තරගවලින් ජයග්‍රහණය කළ සිසුසිසුවියන්ට ත්‍යාග ප්‍රදානයද මෙහිදී සිදු විය.

එසේම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වසර 25කට වැඩි කලක් සේවය කළ සේවකයන් අගයමින් රන් තිළිණ ප්‍රදානයද, පසුගිය අ.පො.ස. උසස් පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ලැබූ සේවක දුදරුවන්ට ත්‍යාග ප්‍රදානයද මෙහිදී සිදු කෙරිණි.

මණ්ඩලයේ ක්‍රියාත්මක නානාවිධ අංශ වඩාත් දිරිමත් කිරීම උදෙසා අභ්‍යන්තර සේවා අංශ සදහා පවත්වන තරගාවලියේදී ජයග්‍රහණය කළ අංශද මෙහිදී විශේෂ ඇගයීමකට ලක් විය. ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංයේ ලේකම් ඒ.සී.එම්. නෆිල්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, සාමාන්‍යාධිකාරි ඉංජිනේරු රුවන් ලියනගේ මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූ අතර, මණ්ඩලයේ උප සභාපති සංජීව විජේකොන් ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීහු ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීහු සහ සේවක සේවිකාවෝ විශාල පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT