Saturday, April 27, 2024
Home » පිලිප් ගුණවර්ධන 52 වැනි ගුණ සමරුව කොළඹදී

පිලිප් ගුණවර්ධන 52 වැනි ගුණ සමරුව කොළඹදී

by sachintha
March 28, 2024 1:56 am 0 comment

ශ්‍රී ලංකාවේ සමාජවාදයේ පියා ලෙස හැඳින්වෙන පිලිප් ගුණවර්ධන මහතාගේ 52 වැනි ගුණ සමරු උත්සවය මහජන එක්සත් පෙරමුණේ උපසභාපති දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉදිරිපිට පිහිටි පිලිප් ගුණවර්ධන පිළිරුව අභියස දී පැවැත්වුණි.
ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම වීරත්වයෙන් හෙබි පෞරුෂයක් සහිත මිනිසකු වූ බොරළුගොඩ සිංහයා නමින් විරුදාවලිය ලත් පිලිප් ගුණවර්ධන මහතාගේ 52 වැනි ගුණ සැමරුම වෙනුවෙන් එම පක්ෂයේ සාමාජිකයින් හා වරාය අධිකාරියේ සේවකයන් එක්ව මෙම සැමරුම් උත්සවය සංවිධාන කර තිබුණි.
එහි දී මහජන එක්සත් පෙරමුණේ උප සභාපති දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා ඇතුළු පිරිස පිලිප් ගුණවර්ධන මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින් එතුමාගේ ගුණ සිහිකරන ලදී.
කොට්ටාව ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT