Saturday, April 27, 2024
Home » බේරුවල සහජීවනයේ ඉෆ්තාර් උපවාසය අත්හැරීමේ වැඩසටහනක්

බේරුවල සහජීවනයේ ඉෆ්තාර් උපවාසය අත්හැරීමේ වැඩසටහනක්

by sachintha
March 28, 2024 1:55 am 0 comment

මහා සංඝරත්නයත් දහම් පාසල් දරුවනුත් එක්වෙති

බේරුවල සංහිඳියාවේ මිතුදම විදහාපාන සහජීවන ඉෆ්තාර් වැඩසටහනක් මහා සංඝරත්නය වැඩම කරවීමෙන් බේරුවල කිච්චමලේ මුස්ලිම් දේවස්ථානයේදී අහදියා මුස්ලිම් දහම් පාසල ඊයේ සංවිධානය කර තිබිණ.

මෙහිදී බේරුවල බෞද්ධ, කිතුනු ඉස්ලාම් දහම් පාසල්වල ඉගෙනුම ලබන සිසු දරු දැරියන් එකට වාඩිවී ඉස්ලාම් භක්තිකයන්ගේ නොම්බි උපවාසය අත් හැරීමේ චාරිත්‍රයට එක්වූ අතර බේරුවල දකුණ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති වලතර සුභූති, ලේඛකාධිකාරී මොරගල්ලේ අරිය විමල, බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක අහංගම මෛත්‍රී මූර්ති, ගංගාරාම විහාරාධිපති මොරගල්ලේ චන්ද විමල, ගලහා සුජාතයන හිමිවරුන් ඇතුළු මහ සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කළ අතර බේරුවල කිච්චමලේ මුස්ලිම් දේවස්ථානයේ සකීමව්ලවිතුමන්, බේරුවල ප්‍රාදේශීය ලේකම් රන්ජන් ප්‍රියශාන්ත පෙරේරා, බේරුවල පොලිස් ස්ථානාධිපති ලලිත් පත්මකුමාර, බේරුවල මුස්ලිම් හදිසි මරණ පරීක්ෂක එම්.එම්. නස්රීන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම වැඩසටහන කළුතර දිස්ත්‍රික් මුස්ලිම් අහදියා දහම් පාසල් සංගමයේ සභාපති එම්.එම්.එම්. උවයිස් මහතා ඇතුළු සංවිධායකයින් සංවිධානය කර තිබිණ. මෙම අවස්ථාවට එක් වූ දහම් පාසල් දරුවන් ජීවිතයේ ප්‍රථම වරට මෙම අත්දැකීම ලැබූ බවද සඳහන් කළහ.

අලුත්ගම – තුසිත කුමාර ද සිල්වා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT