Saturday, April 27, 2024
Home » මීගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකුවෙන් ත්‍යාග ප්‍රදානෝත්සවයක්

මීගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකුවෙන් ත්‍යාග ප්‍රදානෝත්සවයක්

by sachintha
March 28, 2024 1:55 am 0 comment

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මීගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකුවට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාස 18හි බැංකු කොටස්කරුවන් හා 2024 වර්ෂය සඳහා බැංකු පාලක මණ්ඩලය තෝරාගැනීම සහ ඇගයීමේ උත්සවයක්, හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතාගේ ප්‍රධානත්වයෙන් මීගොඩ, වටරැක ශ්‍රී පුණ්‍යාලෝක මහා විහාරස්ථානයේදී පැවැත්විණි.

2023 වසරේ මීගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකුවෙහි සමස්ත ප්‍රගතිය අනුව, මුල් ස්ථානය හිමි කරගත් සභාපතිවරුන් හා සමෘද්ධි නිලධාරීන් අගයමින් ත්‍යාග ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරුණි. සමෘද්ධි බැංකුවෙහි සමස්ත ප්‍රගතියෙන් ප්‍රථම ස්ථානය හබරකඩ – උතුර, දෙවන ස්ථානය – ජල්තර, තෙවන ස්ථානය පානලුව, සිවුවන ස්ථානය – හේනවත්ත හා පස්වන ස්ථානය – මුල්ලේගම දකුණ, යන ග්‍රාම නිලධාරී කොට්ඨාස හිමි කරගෙන තිබේ.

මෙහිදී 2023 වසරේ සමෘද්ධි ප්‍රජා මූල මහා සංගමයේ අධ්‍යක්ෂක මණ්ඩල සභාපති ලෙස පත් වූ මීගොඩ – දකුණ සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ සභාපති චම්පිකා නිශාන්ති කන්නන්ගර මහත්මිය ඇගයීම, 2023 වසරේ දුම්වැටි විරෝධී කොඩි අලෙවි වැඩසටහන තුළින් ප්‍රථම, දෙවන හා තෙවන යන ස්ථාන හිමි කරගත් මීගොඩ – දකුණ සුදත් රෝහණ, හේනවත්ත නිරංජලා, රතුගම හා බටවල ශ්‍රියානි කොතලාවල යන සමෘද්ධි නිලධාරීන් ඇගයීමද, 2023 වසරේ මීගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකුවෙහි සේවය කර ස්ථාන මාරු වී ගිය සමෘද්ධි නිලධාරීන් ඇගයීම හා විශ්‍රාම ගිය නිලධාරීන් ඇගයීමද මෙහිදී සිදු විය.

මෙදින සහභාගි වූවන් උදෙසා සාහිත්‍ය හා කලාව තුළින් ජීවිතය ජය ගන්නා ආකාරය පිළිබඳ රසවින්දනාත්මක වැඩසටහන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරීනි තිසරු කෝට්ටගේ මෙණෙවියගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලදි.

සමෘද්ධි බැංකු කළමනාකාර ඒ.ආර්. රූපසිංහ මහතාගේ මූලිකත්වයෙන්, බැංකු හා ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය විසින් වැඩසටහන සංවිධාන කර තිබිණි.

පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT