Saturday, April 27, 2024
Home » ආමර්වීදියේ ටයර් කඩයක ගින්නක්: ගිනි රථ අටක් පැය තුනක් සටනේ

ආමර්වීදියේ ටයර් කඩයක ගින්නක්: ගිනි රථ අටක් පැය තුනක් සටනේ

by mahesh
March 29, 2024 10:00 am 0 comment

කොළඹ ආමර්වීදියේ, සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ පිහිටි ටයර් වෙළඳසලක ඊයේ පස්වරුවේ ගින්නක් හටගත් අතර, එම ස්ථානයට පැමිණි කොළඹ ගිනි නිවීමේ එකකයේ නිලධාරීහු ගින්න මැඬපැවැත්වීමට දැඩි පරිශ්‍රමයක් ගත්හ.

ඒ සඳහා ගිනි නිවීමේ රථ 8ක් සහ නිලධාරින් 25 දෙනකු යොදවා සිටි අයුරු දක්නට ලැබිණි.

මඳ වෙලාවකින් ගින්න ඇතිවූ වෙළෙඳසලට යාබද වෙළෙඳසල් දෙකකටද ගින්න පැතිර ගිය අතර, ගිනි නිවීමේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එය මැඬපැවැත්වීමට කටයුතු කළහ.

ගින්න ඇති වීමත් සමඟ ආමර්වීදිය මංසන්ධියේ සිට ඉඟුරුකඩේ හන්දිය දක්වා ගමන් කෙරෙන මාර්ගය මුළුමනින්ම තාවකාලිකව වසා දැමුණු අතර, ඒ හේතුවෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදිරිපිට වේල්ස්කුමාර මාවතේ දැඩි රථවාහන තදබදයක් පැවතිණි.

පැය 3ක පමණ දැඩි පරිශ්‍රමයකින් අනතුරුව ගින්න සම්පූර්ණයෙන් නිවා දැමුණු අතර, ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නැත.

ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නැති අතර, සිදුවූ අලාභය ගණන් බලා නැත.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ඡායාරූප- සුලෝචන ගමගේ

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT