Saturday, April 27, 2024
Home » චීන ජනපති ඇමරිකානු ව්‍යාපාරික ප්‍රජාව සහ උපායමාර්ගික විද්වතුන් පිරිසක් හමුවෙයි

චීන ජනපති ඇමරිකානු ව්‍යාපාරික ප්‍රජාව සහ උපායමාර්ගික විද්වතුන් පිරිසක් හමුවෙයි

by chanaka
March 29, 2024 9:39 am 0 comment

චීන ජනාධිපති ෂී ජින් පිං ඇමරිකාවේ ව්‍යාපාරික ප්‍රජාව සහ උපායමාර්ගික විද්වතුන් නියෝජනය කරන පිරිසක් හමුවෙයි. එම හමුව බෙයිජිං අගනුවර පිහිටි මහජන මහා ශාලාවේ දී පසුගියදා (27) පැවැත්විණ.

ෂී ජින් පිං එහිදී පෙන්වා දුන්නේ, චීන-ඇමරිකානු සබඳතා ලොව වැදගත්ම ද්විපාර්ශ්වික සබඳතාවලින් එකක් වන බවයි. චීන-ඇමරිකානු සබඳතාවන් හි ඉතිහාසය යනු දෙරට ජනතාවගේ මිත්‍රශීලී හුවමාරු පිළිබඳ ඉතිහාසයකි. එසේම, එම අතීත කතාව ජනතාව විසින් ලියනු ලැබ ඇති අතර, අනාගතය නිර්මාණය කළ යුත්තේ ද ජනතාව විසින් බව හෙතෙම පැවසීය.

මෑත වසරවල චීන-ඇමරිකා සබඳතා බොහෝ පසුබෑම්වලට ලක්විය. දෙරට අතර සබඳතා පිළිබඳ අතීතය වෙනස් කළ නොහැකි වුව ද, වඩා යහපත් අනාගතයක් උදා කර ගත හැකි බවට ෂී ජින් පිං විශ්වාසය පළකරයි.  එසේම, වත්මන් ගෝලීය තත්ත්ව යටතේ චීනය සහ ඇමරිකාව අතර පවතින පොදු අවශ්‍යතා බෙහෙවින් ඉහළ ගොස් ඇත.

චීනය සහ ඇමරිකාව පවතින සංවේදී ගැටළු නිසි ලෙස හසුරුවා ගනිමින්, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් හා තිරසර අයුරින් සංවර්ධනය කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා කියාසිටී.

ඇමරිකානු සමාගම් ඇතුළු ගෝලීය සමාගම් සඳහා වඩාත් පුළුල් ඉඩක් ලබාදීම උදෙසා,  ඉතා උසස් තත්ත්වයේ ව්‍යාපාරික පරිසරයක් ගොඩනගමින් සිටින බව ද හෙතෙම පැවසීය.

ඇමරිකානු නියෝජිතයන් ඉදිරිපත් කළ අදහස්වලට සාවධානව සවන් දුන් ෂී ජින් පිං, ඔවුන්ගේ ගැටළුවලට ද වෙන් වෙන් වශයෙන් ප්‍රතිචාර දැක්වීය.

ඇමරිකානු නියෝජිතයන් එහිදී පෙන්වා දුන්නේ, ඇමරිකානු-චීන ආර්ථික සබඳතා ඉතා සමීප වී ඇති බවයි. දෙරටට සංවර්ධනය හා සමෘද්ධිය ළඟා කර ගත හැක්කේ සාමකාමී සහජීවනයෙන් පමණක් බව ද ඔවුහු අවධාරණය කළහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT