Saturday, April 27, 2024
Home » පාසල් දරුවන්ට ආහාර දීම ඉතා හොඳ වැඩක්

පාසල් දරුවන්ට ආහාර දීම ඉතා හොඳ වැඩක්

by mahesh
March 29, 2024 1:00 am 0 comment

ආර්ථික ස්ථායීකරණ කමිටුව මඟින් ඉදිරිපත් කරන ලද නිර්දේශයක් අනුව පාසල් දරුවන්ට ආහාර වේලක් ලබාදීමේ ක්‍රියාවලිය අතිශය වැදගත් බව එක්සත් ජනරජ පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් ලක්ෂ හයක් ආහාර නොගෙන පාසල් වෙත පැමිණෙන බව හෙළි වී ඇති බවත් එහිදී ආර්ථික ස්ථායීකරණ කමිටුව යෝජනා කර සිටියේ පාසල් දරුවන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් නොමිලේ ලබා දිය යුතු බවත් හෙතෙම කීවේය.

මේ වන විට එය ක්‍රියාවට නංවා තිබීම අතිශය වැදගත් බවත් රණවක මහතා කියා සිටියේය.

පොල්ගහවෙල මයික්‍රෝ මෝටර් රථ නිෂ්පාදනාගාර නිරීක්ෂණ චාරිකාවේදී ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවැසීය.

ආහාර අර්බුදය නිසා පිරිමි දරුවන් පාසල් හැර යෑමේ තත්ත්වයක් ද නිර්මාණය වී තිබෙන බවත් එහෙත් ආහාර ලබා දීමත් සමඟ එම තත්ත්වය අවම වී ඇති බවත් ඒ මහතා කීවේය.

රටේ නිෂ්පාදන ක්‍රියාවලිය සංවර්ධනයට ද මෙම වැඩපිළිවෙළ පිටිවහලක් බව පැවැසූ රණවක මහතා සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන ප්‍රවර්ධනයට වැඩසටහන යොදාගත යුතු බව සඳහන් කළේය.

ඒ නිසා අස්වැසුම වැඩපිළිවෙළ යටතේ එය පුළුල් කරන ලෙස රණවක මහතා යෝජනා කළේය.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT