Home » ජනාධිපතිවරයා ආර්ථිකය කළමනාකරණය කිරීමෙන් අලුත් අවුරුද්ද සමරන්න හැකි වුණා -ලක් වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනී කෝන්ගහගේ

ජනාධිපතිවරයා ආර්ථිකය කළමනාකරණය කිරීමෙන් අලුත් අවුරුද්ද සමරන්න හැකි වුණා -ලක් වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනී කෝන්ගහගේ

by sachintha
April 12, 2024 1:02 am 0 comment

මේ වසරේ සිංහල – හින්දු අලුත් අවුරුද්ද සමරන්නට හැකිවන අයුරින් ආර්ථිකය කළමනාකරණය කිරීමට ජනාධිපතිවරයාට හැකියාව ලැබී තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ හේවාහැට ආසනයේ සංවිධායක එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනී ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය ප්‍රකාශ කළාය.

ඒ මහත්මිය මේ බව පැවසුවේ පෙරේදා (10) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය මෙසේ ද පැවසීය.

අලුත් අවුරුද්දත් එක්ක ජනතාව කාර්යබහුලව වීදිවල පිරිලා ඉතිරිලා ගිහිල්ලා තියෙනවා. ඒකට අපිට සතුටුයි. 2022-2023 වසරවලට සාපේක්ෂව ජනතාව ඉතා හොඳින් අවුරුද්ද සමරන්නට සූදානම් වන බව අපිට පේනවා. 2024 වසරේ අවුරුද්ද සමරන්නට හැකි වන අයුරින් ආර්ථික කළමනාකාරිත්වය සිදු කිරීමට ජනාධිපතිවරයාට හැකියාව ලැබිලා තිබෙනවා. විශේෂයෙන්ම සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වගේම රාමසාන් අවුරුද්දත් එක ළඟ දිනවලදී යෙදිලා තිබෙනවා. ඒ වගේම මුස්ලිම් ජනතාවගෙන් ජනාධිපතිවරයා ගාසා තීරයේ ඉන්න දරුවන් ගැනත් අපි සිතිය යුතුයි කියන පණිවිඩය ගෙන ගොස් ඔවුන්ටත් ආධාර කිරීමට හැකියාව ලැබුණා.

සජිත් ප්‍රේමදාසට අවශ්‍ය වුණේ මොකක්ද? සජිත් ප්‍රේමදාස උත්සාහ කළේ ඩලස් අලහප්පෙරුම ජනාධිපති කරවලා ඔහු යටතේ අගමැති වෙලා ඉස්සරහට යන්නයි. රට පිළිබඳව හෝ රටේ ආර්ථිකය පිළිබඳව දැනුමක් තියෙන කෙනෙක්ට කිසිම මොහොතක මෙවැනි අදහසක් එන්න විදිහක් නෑ. නමුත් සජිත් ප්‍රේමදාස හිතුවේ ඔහුගේ ගමන් මාර්ග‍ෙය් යා හැකි එකම පුද්ගලයා ඩලස් අලහප්පෙරුම කියලයි. අවසාන වශයෙන් මේ වැඩපිළිවෙළත් එක්ක සජිත් ප්‍රේමදාස මහත්මයා අනාථ වෙනවා කියන එක නම් පැහැදිලිව පේනවා.

මේ වෙනකොට තලතා අතුකෝරළ වැනි මන්ත්‍රීවරියන් සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ මහතා එකට ගමන් කළ යුතුයි කියන එක විවිධ අවස්ථාවල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තිබෙනවා. මේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ ගැන නම් කතා කරන්නට දෙයක් නැහැ. මේ වන විට ජනාධිපතිවරයා 88 සහ 89 කාලපරිච්ඡේදයේ ජනතා විමුක්ති පෙරමුණ නිසා අවතැන් වෙච්ච පවුල්වලට වන්දි ගෙවීම සඳහා පියවර අරගෙන තිබෙනවා.

මහරගම නගර සභාවේ හිටපු විපක්ෂ නායක ජයමිණි පුෂ්පකුමාර මහතා –

සමගි ජන බලවේගයේ ඉන්නේ එක්සත් ජාතික පාක්ෂිකයෝ කිව්වට දැන් ඒක වෙනස් වෙලා එතැන දැන් ඉන්නේ නාලක ගොඩහේවායි, ඩිලාන් පෙරේරා පොහොට්ටුවේ සභාපති වගේ අය තමයි එතැන ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද තියෙනවයි කියලා මේ පක්ෂය තුළ ඇතිකරලා තිබෙන ප්‍රශ්නය එක්සත් ජාතික පක්ෂයටත් නිග්‍රහයක් කියන එක සඳහන් කළ යුතුයි. අද සජබේ කියලා ගිය කට්ටිය අද බරපතළ විදිහට අවුල් වෙලා ඉන්නවා. මහරගමටත් ඒ වගේම අලුතෙන් කෙනෙක් පත් කරලා තියෙනවා.

අද ලංකාවේ දේශපාලන සංස්කෘතිය එහෙම පිටින්ම වෙනස් වෙලා තියෙනවා. පොදු ජන පෙරමුණේ බහුතර පිරිසක් ජනාධිපතිවරයාට සහාය දෙනවා.

නෙත්මි පූජනී රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT