Home » ලොරි-යතුරුපැදි අනතුරින් බුලන්කුලම තරුණයා මරුට

ලොරි-යතුරුපැදි අනතුරින් බුලන්කුලම තරුණයා මරුට

by sachintha
April 12, 2024 2:09 am 0 comment

අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිටදී පෙරේදා (10) රාත්‍රී සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ අනුරාධපුර, බුලන්කුලම, සමගිපුර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.

ලොරියක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ලොරියේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

අනුරාධපුර අතිරේක – අමිල ප්‍රභාත් වනසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT