Home » ලෝක විවා­හක රූ රැජන කිරුළ පතා තුෂාරි ජය­කොඩි අමෙ­රි­කා­වට

ලෝක විවා­හක රූ රැජන කිරුළ පතා තුෂාරි ජය­කොඩි අමෙ­රි­කා­වට

by damith
April 20, 2024 1:19 am 0 comment

අමෙ­රි­කාවේ පැවැ­ත්වෙන ලෝක විවා­හක රූ රැජන (Queen of the World) 2024 තර­ගා­ව­ලි­යට ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කර­මින් සහ­භාගි වීම සඳහා තුෂාරි ජය­කොඩි මහ­ත්මිය ඊයේ (19) පස්ව­රුවේ කටු­නා­යක ගුවන් තොටු­පො­ළෙන් පිටත්ව ගියාය.

මේ තර­ගා­ව­ලිය අමෙ­රි­කාවේ නිව්යෝර්ක් නුව­රදී හෙට (21) සිට 25 දින දක්වා ලෝකයේ රට­වල් 33ක විවා­හක රූ රැජ­නන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් පැවැ­ත්වී­මට නිය­මි­තය.

තුෂාරි ජය­කොඩි මහ­ත්මිය පසු­ගි­යදා පැවති ශ්‍රී ලංකා විවා­හක රූ රැජන තර­ගා­ව­ලියේ වයස අවු­රුදු 50ට වැඩි කාණ්ඩයේ තර­ග­යෙන් ජය­ග්‍ර­හ­ණය හිමි කර­ගෙන මේ තර­ගා­ව­ලි­යට ඉදි­රි­පත් වීම සඳහා සුදු­සු­කම් ලැබු­වාය. මීග­මුව ප්‍රදේ­ශයේ පදිංචි තිදරු මවක වන ඇය මැලේ­සි­යානු ගුවන් සේවි­කා­වක ලෙස සේවය කර­මින් සිටියි.

කටු­නා­යක ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT