Saturday, April 27, 2024
Home » Fems මෙරට ඔසප් දරිද්‍රතාවට එරෙහිව සටන් කරයි

Fems මෙරට ඔසප් දරිද්‍රතාවට එරෙහිව සටන් කරයි

by sachintha
March 27, 2024 1:10 am 0 comment

Hemas Consumer Brands හි සමාජීය වගකීම් සහිත කාන්තා සනීපාරක්ෂක සත්කාර සන්නාමය වන Fems, ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක තුවා සඳහා තිබෙන මුළු ඉල්ලුමෙන් 92%ක ප්‍රමාණයක් සපුරාලනු ලබන මෙරට ප්‍රධාන සනීපාරක්ෂක තුවා නිෂ්පාදක සන්නාම ත්‍රිත්වයෙන් එකක් වේ. Fems සිය නවීනතම නිෂ්පාදනාගාරය පිහිටුවීම වෙනුවෙන් සැලකිය යුතු ආයෝජනයක් සිදුකර ඇති අතර නිෂ්පාදනවල ගුණාත්මක බව වෙනුවෙන් ආනයනය කරන ලද උසස් අමුද්‍රව්‍ය යොදා ගනියි. දේශීයව නිෂ්පාදනය කරනු ලබන සනීපාරක්ෂක තුවා සඳහා අය කෙරෙන බදු බර අවම වන අතර ඒ තුළින් පහසුවෙන් මිල දී ගත හැකි දැරිය හැකි මිලකට මෙරට කාන්තාවන් වෙනුවෙන් කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන පිරිනැමීමට Fems වෙත හැකියාව ලැබී ඇත. එමඟින් යහපත් සනීපාරක්ෂාව සහ මහජන සෞඛ්‍ය මැනවින් ප්‍රවර්ධනය කෙරේ.

ශ්‍රී ලංකාවේ පවුල්වලින් 50%කට ආසන්න ප්‍රමාණයක් ‘ඔසප් දරිද්‍රතාවයෙන්’ පෙළෙන බව මෙන්ම වයස අවුරුදු 15 – 47 අතර කාන්තාවන්ගෙන් 50%ක් පමණ 2016 වසරේදී සනීපාරක්ෂක තුවා සඳහා මුදල් වියදම් කර නොමැති බව 2016 වසරේදී සිදු කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. Fems විසින් 2021 වසරෙහි ජුනි මාසයේදී අඩුම මිලකට උසස් තත්ත්වයේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනයක් වන ‘Fems AYA’ නිෂ්පාදනය හඳුන්වාදෙන ලද්දේ මේ සඳහා විසඳුමක් ලෙසිනි.

සනීපාරක්ෂක තුවා සඳහා පහසු ප්‍රවේශයක් නොමැති වීම ශ්‍රී ලංකාවේ කාලීන ගැටලුවක් වී ඇති බව අවබෝධ කරගනිමින් නිතිපතා සනීපාරක්ෂක තුවා භාවිත නොකරන මෙරට කාන්තාවන්ගෙන් 70%ක් අතර චර්යාත්මක වෙනසක් ඇති කිරීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දීමට Fems දැවැන්ත උත්සාහයක නිරත වී තිබේ. ඔසප් වීම සහ කාන්තා සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම සඳහා Fems විසින් කටයුතු කර ඇති අතර මෙරට නිවාස 300,000කට වඩා අධික සංඛ්‍යාවක් වෙත කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන දැරිය හැකි පහසු මිලකට ලබා දෙමින් ශ්‍රී ලාංකික කාන්තාවන් සහ ගැහැනු ළමුන් විශාල ප්‍රමාණයක් Fems විසින් සවිබල ගන්වා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT