Thursday, May 9, 2024
Home » අපරාධයකට මාන බැලූ අයෙක් තලාතුඔයදී අවිත් එක්කම මාට්ටු

අපරාධයකට මාන බැලූ අයෙක් තලාතුඔයදී අවිත් එක්කම මාට්ටු

by sachintha
March 27, 2024 1:10 am 0 comment

මෙරට නිෂ්පාදිත ගිනි අවි 3ක් සමඟ යම් අපරාධයක් සඳහා සූදානම් වු පුද්ගලයකු පොලිස් වි‍ශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් පසුගියදා (24) තලාතුඹය පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත තලාතුඔය පොලිස් වසමේ ගොමදිවෙල, දුල්මුරේ, ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර ඇති අතර, එහිදී නීති විරෝධී ලෙස බලපත්‍ර නොමැතිව මෙරට නිෂ්පාදිත ගිනි අවි 3ක් සන්තකයේ තබා ගනිමින් යම් අපරාධයක් සඳහා සූදානම්ව සිටි බවට සැක සහිත තලාතුඔය, දුල්මුරේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 58ක පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගැනිණ. සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලාතුඔය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසීය.

පොලිස් විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාපය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී සී.ඒ.එස්. ද සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බළකාය මහනුවර කඳවුරේ උප පොලිස් පරීක්ෂක එච්.එම්.ඒ.යු. බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර තිබේ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT