Home » තහනම් පුවරුවත් මායිම් නොකරන බදුල්ලේ කුණු

තහනම් පුවරුවත් මායිම් නොකරන බදුල්ලේ කුණු

by sachintha
March 27, 2024 1:10 am 0 comment

බදුල්ල නගරයේ ශාන්ත මරියා ආසන දෙව්මැදුර ආසන්නයේ බදුලුපිටියට යන මාර්ගය අසල බදුල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා විසින් Òමෙහි කුණු දැමීම සපුරා තහනම්Ó ලෙස නම් කර නාම පුවරුවක් සවිකර තිබුණද එම තහනම නොතකා දැන්වීම් පුවරුව පෙනි පෙනී ඒ අසලම විවිධ පිරිස් කුණු දැමීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
මෙම තහනම් පුවරුව තඹේකට මායිම් නොකර ඇතැම් පිරිස් හොර රහසේ දිනපතාම පාහේ මෙම ස්ථානයට කුණු ගෙනැවිත් දැමීමෙන් ඒ අවට ප්‍රදේශයේ පරිසරය අපවිත්‍ර වී දුගඳ හමන බව ජනතාව කියති. මෙම කුණුගොඩ අසලම බදුල්ල ශාන්ත මරියා ආසන දෙව්මැදුර, මිනින්දෝරු කාර්යාලය මෙන්ම පාසල් ද පිහිටා ඇති අතර මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසට ජනතාව වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලති.
සී. ගමගේ – සොරණාතොට සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT