Home » දිනේෂ් වීරක්කොඩි යුනියන් බැංකුවේ ස්වාධීන අධ්‍යක්ෂ ධුරයට

දිනේෂ් වීරක්කොඩි යුනියන් බැංකුවේ ස්වාධීන අධ්‍යක්ෂ ධුරයට

by sachintha
March 28, 2024 1:10 am 0 comment

ශ්‍රී ලංකාවේ විශිෂ්ට බැංකුකරුවකු, ආර්ථික විශේෂඥයකු හා ආර්ථික උපදේශකයකු වන දිනේෂ් වීරක්කොඩි මහතා ලොව ප්‍රබලම බැංකු ජාලයක් වන යුනියන් බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙස පත්ව තිබේ.

මේ පත්වීම එළඹෙන අප්‍රේල් මාසයේ පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන අතර, ඒ මහතා දැනට කොළඹ පෝට් සිටි හා ආයෝජන මණ්ඩලයේ සභාපතිධුරයද මහා භාණ්ඩාගාරයේ වැටුප් නොලබන ප්‍රධාන උපදේශක ලෙසද ක්‍රියා කරයි. ඊට අමතරව ඒ මහතා ජාත්‍යන්තර සමාගම් හා සංවිධාන රැසකද විවිධ තනතුරු උසුලයි. කොමර්ෂල් බැංකුව හා හැටන් නැෂනල් බැංකුවේ සභාපති මෙන්ම DFCC බැංකුවේ අධ්‍යක්ෂ ලෙසද ක්‍රියා කළ ඒ මහතා එම බැංකුවල සාර්ථකත්වය වෙනුවෙන් සිය බුද්ධිය, අත්දැකීම් හා ශ්‍රමය කැප කර තිබේ. බංකොලොත්ව තිබූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ආයෝජන ප්‍රවර්ධනය මඟින් ගොඩනැඟීම සඳහාද දිනේෂ් වීරක්කොඩි මහතා මහඟු මෙහෙයක් ඉටු කළ අයෙකු ලෙස පිළිගැනීමට ලක්ව ඇත.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT