Home » නාය ගිය පස්සර මඩො­ල්සිම පාර යළි යථා තත්ත්ව­යට

නාය ගිය පස්සර මඩො­ල්සිම පාර යළි යථා තත්ත්ව­යට

by damith
March 30, 2024 1:29 am 0 comment

බදුල්ල දිස්ත්‍රි­ක්ක­යට පතිත වූ ධාරා­නි­පාත වර්ෂා­වත් සමඟ පසු­ගිය වසරේ දෙසැ­ම්බර් මස විශාල නාය යෑම­කට ලක්ව විනාශ වී රථ වාහන ධාව­නය මුළු­ම­නින්ම ඇන­හිට තිබූ පස්සර මඩො­ල්සිම මැටි­ග­හ­තැන්න මාර්ගය මාස තුන­කට පමණ පසු පිළි­ස­කර කර රථ වාහන ධාව­නය සඳහා යළි ඊයේ (29) සිට විවෘත කළ බව මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ විධා­යක ඉංජි­නේරු (බදුල්ල ) එස්. හෙන්නා­යක මහතා පැව­සීය.

පස්සර මඩො­ල්සිම මාර්ගයේ මැටි­ග­හ­තැන්න ප්‍රදේ­ශ­යේදී මාර්ගය මෙසේ අධික වර්ෂා­වත් සමඟ ඉකුත් වසරේ දෙසැ­ම්බර් මස 30 වැනි දින නාය යෑමට ලක්ව මාර්ගය මීටර් 70ක පමණ කොට­සක් මුළු­ම­නින්ම කැඩී විනාශ වී ගියේය. අන­තු­රුව මාර්ග සංව­ර්ධන අධි­කා­රිය මඟින් නාය යෑමට ලක්වූ පස්සර මඩො­ල්සිම මාර්ගයේ මැටි­ග­හ­තැන්න ප්‍රදේ­ශයේ නාය ගිය ස්ථානයේ කන්දේ උඩ පැත්තට සහ පහළ පැත්තේ ආර­ක්ෂිත ගල්බැමි දෙකක් ඉදි කර නාය යෑමට ලක්වූ ස්ථානය මඟ­හැර අලු­තින් කන්ද දෙසින් මීටර් 70ක පමණ දුර මාර්ග­යක් කපා මෙසේ නාය යාමට ලක්වූ මාර්ගයේ රථ වාහන ධාව­නය සඳහා මාර්ගය යළි විවෘත කළ බවද මාර්ග සංව­ර්ධන අධ්කා­රියේ විධා­යක ඉංජි­නේ­රු­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

සොර­ණා­තොට සමූහ - සී .ගමගේ, බදුල්ල - නිශාන්ත අබේ­ගු­ණ­ව­ර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT