Home » මියන්මාරයේ සිරදඬුවම් නියමව සිටි ලාංකික ධීවරයින්ට පොදු සමාවක්

මියන්මාරයේ සිරදඬුවම් නියමව සිටි ලාංකික ධීවරයින්ට පොදු සමාවක්

by chanaka
April 17, 2024 12:57 pm 0 comment

මියන්මාරයේ අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 15 දෙනාට එරට රජය විසින් පොදු සමාවක් ලබා දී තිබේ.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර ඇත.

මුහුදු සීමා උල්ලංඝණය කිරීමේ වරදට පසුගිය දෙසැම්බර් මාසයේ දී එම පිරිස මියන්මාර බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන්ට වසර 07ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT