Home » දමිතා අබේරත්න අධිකරණයට රැගෙන එයි

දමිතා අබේරත්න අධිකරණයට රැගෙන එයි

by chanaka
April 17, 2024 12:25 pm 0 comment

මූල්‍ය වංචා චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය හා ඇගේ සැමියා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (17) පෙරවරුවේ රැගෙන විත් තිබේ.

ඉකුත් 05 වැනි දා රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය සහ ඇගේ සැමියා අධිකරණය විසින් අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

ඔවුන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ පුද්ගලයෙකු විදේශගත කරන බව පවසා රුපියල් ලක්ෂ තිහක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාළවටය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT