Home » ත්‍රිරෝද රියැදුරුගේ නොසැලකිල්ලෙන් මෝටර් රථය අනතුරේ

ත්‍රිරෝද රියැදුරුගේ නොසැලකිල්ලෙන් මෝටර් රථය අනතුරේ

by sachintha
April 17, 2024 1:24 am 0 comment

ත්‍රීරෝද රථ රිය­ැදුරෙකු ගේ අපරික්ෂාකාරී රිය ධාවනය නිසාවෙන් පාදුක්ක කොළඹ මාර්ගයේ වටරැක දුම්රිය ස්ථානය අසලදී ඊයේ (16) උදෑසන මෝටර් රථයක් අනතුරට ලක්ව ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

හල්බරාව දෙස සිට අතුරු මාර්ගයේ පැමිණි ත්‍රීරෝද රථය එක්වරම පාදුක්ක කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිසීමත් සමඟ ගොඩගම දෙස සිට පාදුක්ක දෙසට ධාවනය වූ මෝටර් රථය ත්‍රීරෝද රථයෙහි ගැටීම නිසාවෙන් පාලනය කර ගත නොහැකිව විදුලි කණුවක ගැටී නතර වී ඇත.

මෝටර් රථය ත්‍රීරෝද රථයෙහි ගැටීමත් සමග ත්‍රීරෝද රථයෙහි ගමන්ගත් මගියකු මහා මාර්ගයට විසිවී ඇද වැටී ඇතැයි ද පොලිසිය පවසයි.

අනතුරින් මෝටර් රථයෙහි ගමන්ගත් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවද පොලිසිය පවසයි.

මීගොඩ බී.කේ. කත්‍රිආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT