Home » කාසල්රි දියේ ගිලුණු සිසු­වාගේ සිරුර වැඩි­දුර පරී­ක්ෂ­ණ­යට

කාසල්රි දියේ ගිලුණු සිසු­වාගේ සිරුර වැඩි­දුර පරී­ක්ෂ­ණ­යට

by damith
April 20, 2024 12:30 am 0 comment

කාසල්රි ජලා­ශයේ දිය නෑමට ගොස් දියේ ගිලී මිය­ගිය පාසල් සිසු­වාගේ මළ සිරුර ගොඩ­ගැ­නීම නොර්ටන් බ්‍රිජ් පොලි­සියේ මැදි­හත් වීමෙන් සිදු විය.

පසු­ගිය 18 වන දින සවස කාසල්රි වතු­යායේ පදිංචි පාසල් සිසු­වකු කාසල්රි ජලා­ශයේ දිය නෑමට ගොස් අතු­රු­දන්ව ඇති බවට එම සිසු­වාගේ ඥාතින් කළ පැමි­ණිල්ල අනුව මළ මිනිය සෙවීමේ කට­යුතු ඇරැ­ඹුණු අතර, ජලා­ශ­යෙන් මතු වූ එම මළ සිරුර ගොඩ ගැනී­මෙන් පසු එම මළ සිරුර මේ වන­විට පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පැවැ­ත්වීම සඳහා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මූලික රෝහල වෙත ගෙන ගොස් ඇති අතර නොර්ටන් බ්‍රිජ් පොලි­සිය වැඩි­දුර විම­ර්ශන පව­ත්වයි.

හැටන් - මධ්‍යම විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT