Home » මලිත්ත ගොල්ල නායයෑම නැවත සක්‍රිය වෙයි

මලිත්ත ගොල්ල නායයෑම නැවත සක්‍රිය වෙයි

by yasara
April 24, 2024 10:08 am 0 comment

ඇල්ල කරඳගොල්ල මලිත්ත ගොල්ල ප්‍රදේශයේ මීට පෙර නායයෑම් අවදනමක් පවතින බවට හදුනාගත් ප්‍රදේශයේ නායයෑමේ පුර්ණ ලක්ෂණ නැවත ඇතිවි ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි.

මෙම ස්ථානයේ මීට මාස කිහිපයකට පෙර නායයෑම් ලක්ෂණ පහලවීම මත ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් සිදුකල පරික්ෂාවකින් අනතුරුව එම ප්‍රදේශයේ පදිංචි පවුල් 12 ක් ඉන් ඉවත්කර ආරක්ෂිත ස්ථාන වෙත යැවීමට කටයුතු කර ඇතැයිද හෙතෙම පැවසීය.

එම ස්ථානයේ පසුගිය දිනවල ඇතිවු තත්ත්වය මත ඉකුත් (21) දින නැවත ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් එහි සිදුකල පරික්ෂාවකින් අනතුරුව පෙර නිකුත් කරන ලද නිවේදනය  අනුව අවශ්‍ය පියවර ගන්නා ලෙසට උපදෙස් ලබාදුන් බවද සහකාර අධ්‍යක්ෂ උදයකුමාර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT