Monday, May 6, 2024
Home » කැස්බෑ පැටවුන් සියයක් සමුදුරු ජීවය අරඹති

කැස්බෑ පැටවුන් සියයක් සමුදුරු ජීවය අරඹති

by yasara
April 24, 2024 9:55 am 0 comment

වන ජීවී දෙපාර්තුමේන්තුවේ කල්පිටිය කන්ද කුලිය කාර්‍යාලය මගින්  ඊයේ (23)  දින සන්ධ්‍යාවේ කැස්බෑ පැටවුන් සියයකට ආසන්න සංඛ්‍යාවක් කල්පිටිය කුඩාව වෙරළ තීරයෙන් මුහුදට නිදහස් කළ බව එම නිළධාරීන් පවසයි.

කල්පිටිය වන ජීවී අඩවි ආරක්ෂක උපාලී කුමාරතුංග මහතාගෙන් විමසීමේ දී ඒ මහතා පැවසුවේ, සංරක්ෂිත බිජු සහිත ස්ථාන දෙකක කැස්බෑ පැටවුන් මෙසේ මුහුදට ඇදී ගොස් සිය නව ජීවිතය ඇරඹි බව ය.

මොවුන් බටු කැස්බෑවන් වන අතර දින 45 ක් හෝ ඊට මදක් වැඩි කාලයකින් මෙසේ මුහුදට නිදහස් වී ගිය බව ය.

කැස්බෑ බිජු සංරක්ෂිත ස්ථාන රැසක් කන්ද කුලිය වෙරළ තීරයේ වන ජීවී දෙපාර්තුමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබයි.

කල්පිටිය සංචාරක සංගමයේ ලේකම් සුගත් එම්මානුවෙල් මහතා පැවසුවේ සංචාරක ආකර්ශණයට ද මෙම ව්‍යාපෘතීන් හේතුවන බව ය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT