Monday, May 6, 2024
Home » නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

by yasara
April 24, 2024 10:42 am 0 comment

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඊයේ (23)  දින උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වූ අතර, එහිදී, නාගදීප විහාරය වැඳ පුදා ගැනීමටද කටයුතු කෙරිණි.

ඒ අනුව, මෙම සංචාරයේදී නාවික හමුදාධිපති නාගදීප පුරාණ රජමහා විහාරාධිපති උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවඳගල පදුමකිත්ති තිස්ස නාහිමි බැහැදක, නාගදීප පුරාණ රජමහා විහාරස්ථානය වන්දනාමාන කර ආශීර්වාද ලබාගැනීමට කටයුතු කෙරුණු අතර, නාගදීප පුරාණ රජමහා විහාරාධිපති හිමියන්ගේ ජන්ම දිනයට සමගාමීව ඉදිකරන ලද මෛත්‍රී බෝධි සත්ව ප්‍රතිමාවක් නිරාවරණය කිරීමද මෙහිදී සිදුකෙරිණි.

එමෙන්ම, නාගදීප දූපතේ දූපත්වාසීන් වෙනුවෙන්, නාවික හමුදා ශ්‍රමදායකත්වයෙන් ඉදිකරනු ලබන රෝහලෙහි ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය සඳහා ද නාවික හමුදාධිපති සහභාගී විය.

තවද, මෙම අවස්ථාව සඳහා උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ ඇතුළු ජ්‍යේෂඨ කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගීවී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT