Monday, May 6, 2024
Home » බටලීයේ දිය බුබුලට වුණ දේ

බටලීයේ දිය බුබුලට වුණ දේ

by yasara
April 24, 2024 3:45 pm 0 comment

තද නියං සමයේ ජනතාවට දිය නෑමට විසි හතර පැය පුරා  ජලය ගලාගිය බටලීයේ දිය බුබුල හබරල ගාලකට යටව තිබෙන බව ප්‍රදේශවාසීන් පවසයි.

කොළඹ මහනුවර මහා මාර්ගයේ බටලිය කජු පුරය ආසන්නයේ සිට බෝලාන මාර්ගයේ මද දුරක් ගිය විට මෙම දිය බුබුල    පිහිටා තිබිණි .

ඈත අතීතයේ සිට දුරබැහැර පිරිස් පවා නිතර මෙහි පැමිණ දිය නෑමේ යෙදුනේ බටලීයේ දිය බුබුලේ මහිමය ලොවට කියා පාමිනි.

ඇදුම ආදී ස්වසන රෝග වලට දිය බුබුලේ ජලය ප්‍රතිකාරයක් බවට ජනතා විශ්වාසයක් ද පැවතුණි.

කුඹුරු යායක් මැද පිහිටි දිය බුබුල පසුකාලීනව කුඹුරු හිමියන් විසින් ජල සම්පත් මණ්ඩලය වෙත පවරා දී තිබිනි.

අනතුරුව ඒ ආසන්නයේ ම ආරම්භ කෙරුණු ජල පවිත්‍රාගාරය මගින් පස්යාල හා අවට ගම්මාන රැසකට මේ වන විටද ජලය සැපයෙන අතර එම බිම ද වන වැදී තිබෙනු දැකිය හැකිය .

එම ස්ථානයට ගමන් කරන මාර්ගය ද වන වැදෙමින් පවතින්නේ මිනිස් වාසයකට ලක් නොවූ බිමක් පරිද්දෙනි .

තද නියං සමයට දහස් සංඛ්‍යාත ජනතාව ට ස්නානය කර ගැනීමේ පහසුව සැලසුණු මෙම දිය බුබුල යළි යථාවත් කරන්නට වගකිවයුතු වහ පියවර ගත යුතු බව ප්‍රදේශවාසීන් පවසයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT