Monday, May 6, 2024
Home » ‘දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා’ ප්‍රදර්ශනය පුලතිසි පුරවරයට

‘දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා’ ප්‍රදර්ශනය පුලතිසි පුරවරයට

by yasara
April 24, 2024 4:22 pm 0 comment

දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය සැදැහැවත් ජනතාවට සියැසින් දැක වන්දනාමාන කිරීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා යුධ හමුදා මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ තැන්පත් කොට තිබෙන අතර, අප්‍රේල් 27 දින උදෑසන දක්වා එහිදී ප්‍රදර්ශනය සඳහා කටයුතු සුදානම් කොට ඇත.

ඉන් අනතුරුව එම සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චුඩා මාණික්‍යය ලබන 27 දින උදෑසන සිට 29 දින දක්වා හිඟුරක්ගොඩ බෞද්ධ මධ්‍යස්ථානයේදීත් 29 දින සිට මැයි මස 01 දක්වා හිඟුරක්ගොඩ ජයමහ පිරිවෙනේදීත් 01 වනදා සිට 03 දින දක්වා පොලොන්නරුව මැදමළුව විහාරයේදීත් 03 වනදා සිට 05 දින දක්වා පොලොන්නරුව ගල් විහාරයේදීත් සැදැහැවත් ජනී ජනයාගේ වන්දනාමානය සඳහා ප්‍රදර්ශනය කෙරේ.

එම උතුම් පුජනිය වස්තුන් සියැසින් දැක වන්දනාකර කුසල් උපදවා ගැනීමටත්, දීඝවාපිය මහා සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සම්මාදම් වීමටත් පින් කැමති ලක්වාසී ඔබ සැමට මින් අවස්ථාව සැලසෙනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT