Home » රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙක් ගංජා සමඟ කොටුවෙයි

රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙක් ගංජා සමඟ කොටුවෙයි

by yasara
April 26, 2024 11:18 am 0 comment

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ  ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාසයට අනුබද්ධව ස්ථාපිත සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීමේ මෙහෙයුම් කණ්ඩායම සමත්ව ඇත.

දෙමටගොඩ  චාමර නිරෝෂන් නමැති 47 හැවිරිදි මෙම සැකකරු කොළඹ නගරය හා තදාසන්න  ප්‍රදේශවලට තොග වශයෙන් ගංජා බෙදාහරින බවට බුද්ධි අංශ නිළධාරීන්ට  ලද තොරතුරක් මත  කඩුවෙල වැලවිට නගරයේ වෙනත් පුද්ගලයකුට ලබාදීම සඳහා කේරල ගංජා කිලෝ දෙකක් ඔහු සන්තකයේ තිබී  අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.

අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව කඩුවෙල වැලවිට ප්‍රදේශයේ නිවසේ තිබී තවත් ගංජා කිලෝ 23 පොලිස් සිය විසින් සොයා ගත්බව පොලිසිය සඳහන් කරයි

සැකකරු විසින් රුපියල් 35000 ක මුදලට නිවසක් කුලියට ගෙන ජාවාරම  පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු විසින් රැවුල් කුමාරගේ ගංජා ජාවාරම කොළඹ නගරය හා දිවයිනේ විවිධ ප්‍රදේශවලට තොග වශයෙන් බෙදාහැර ඇති බවයි.

සැකකරු රැදවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන සිදුකිරිමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT