Wednesday, May 8, 2024
Home » ගල්කිස්සේ ගෙවල් කඩන කුඩ්ඩා මාට්ටු

ගල්කිස්සේ ගෙවල් කඩන කුඩ්ඩා මාට්ටු

by damith
April 27, 2024 12:36 am 0 comment

ගල්කිස්ස ප්‍රදේ­ශයේ නිව­සක පිටු­පස දොර­ටුව කඩා ඇතුළු වී නි‍ෙවසේ තිබූ රන් භාණ්ඩ සොරා­ගත් පුද්ග­ල­යකු හෙරො­යින් මිලි­ග්‍රෑම් 7100ක් සමඟ ගල්කිස්ස කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාං­ශය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි පොලි­සිය කියයි.

ගල්කිස්ස ප්‍රදේ­ශයේ අප­රාධ මර්ද­නය හා මත්ද්‍රව්‍ය නිවා­රණ රාජ­කා­රියේ යෙදී සිටි පොලිස් නිල­ධා­රීන් සැක­පිට මෙම පුද්ග­ලයා හෙරො­යින් මිලි ග්‍රෑම් 7100ක් සමඟ අත්අ­ඩං­ගු­වට ගෙන රැඳ­වුම් නියෝග මත සිදු කරනු ලැබූ විම­ර්ශ­න­යට අනුව මෙම සැක­කරු තවත් පුද්ග­ල­යෙකු සමඟ එක­තුව මෙලෙස නිවාස බිඳුම් සිදු කරන බවට හෙළි වී ඇතැ­යිද මේ වන විට අනෙක් සැක­කරු ප්‍රදේ­ශ­යෙන් පලා­ගොස් ඇති බැවින් විශේෂ විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇතැ­යිද පොලි­සිය පැව­සීය.

සැක­කරු මොර­ටුව, දන්දෙ­නි­ය­වත්ත ප්‍රදේ­ශ­යේම පදිං­චිව සිටින වයස අවු­රුදු 44ක් වන අධික ලෙස හෙරො­යි­න්ව­ලට ඇබ්බැ­හිව සිටින අයෙ­කුද වන අතර, ඒ සඳහා කුලී වැඩට අම­ත­රව මෙලෙස නිවාස බිඳු­ම්ව­ලද යෙදී සිටින බවත් හෙළිවී ඇතැ­යිද පොලි­සිය පැව­සීය.

වැඩි­දුර පරී­ක්ෂණ ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ප්‍රශන්න බ්‍රාහ්ම­ණගේ මහ­තාගේ අධී­ක්ෂ­ණය මත ගල්කිස්ස කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාංශ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක අමිල ගෝවින්න මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් උප පොලිස් පරී­ක්ෂක දිසා­නා­යක, පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන (81753) හේමන්ත, (90027) විතා­රණ, (104331) ගයාන් යන නිල­ධා­රීහු සිදු කරති.

දෙහි­වල - ඩී.පී. හේරත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT