හොරණ ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා මෙරටින් පලායාමට උත්සාහ කළ සැකකරුවකු වෙඩි තැබීම සිදුකර පැය කිහිපයක් තුළ දී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටිය දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (05) අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ. හොරණ පොලිස් වසමේ බේස්ලයින් වත්ත ප්‍රදේශයේ දී ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණ හොරණ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හඳුනාගෙන ගැනීමේ පද්ධතිය (Automated Facial recognize system – AFRS) මඟින් හඳුනාගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (05) උදෑසන 10.45 ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇති අතර මෙම ව්‍යාපාරිකයා හොරණ ප්‍රදේශයේ සිට බිරිය හා දරුවා සමඟ ග්‍රේස්ලන්ඩ් ප්‍රදේශයේ ඇල්බට් පීරිස් මාවතේ නැවතී සිටින මහල් පහකින් යුතු සුඛෝපභෝගී නිවසට කැබ් රථයෙන් පැමිණි අවස්ථාවේ රියැදුරු අසුනේ සිටිය දී මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන බව අනාවරණය වී තිබේ.
තුවාලකරු හොරණ දිස්ත්‍රික් මහා රෝහලට ඇතුළත් කර ඇති අතර වෙඩි ප්‍රහාරය ඔහුගේ මුඛයේ දකුණු පැත්තට එල්ල වී ඇති අතර එය ගෙලෙහි වම් පැත්තෙන් පිටවී ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවැසීය.
වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා සිය බිරිය සහ දරුවා සමඟ ග්‍රේස්ලන්ඩ් වත්ත පාර ඔහු පදිංචි සුඛෝපභෝගී නිවස ඉදිරිපිටට කැබ් රථයෙන් පැමිණ බිරිය විසින් දරුවාව නිවසේ ගේට්ටුව විවෘත කර දරුවා ඇතුළට යොමු කර නැවත කැබ් රථයට නැඟීමත් සමඟම ව්‍යාපාරිකයා විසින් කැබ් රථය පණ ගන්වා පිටත්වීමට සූදානම් වී ඇති අතර ඒ සමඟම ස්කූටරයකින් පැමිණ තිබූ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකුගෙන් පසු පැදිකරු කැබ් රථය අසලට දිව විත් රියදුරු අසුන අසල වීදුරුවෙන් ව්‍යාපාරිකයා වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබූ බව පොලිසිය කියයි.
ඔහු වාහනය සුළු දුරක් ඉදිරියට ධාවනය කර නතර කර ඇති අතර රියැදුරු අසුන අසල ඇති වීදුරුවේ වෙඩි සලකුණු දෙකක් සටහන්ව ඇති බව පොලිසිය පවසයි.එම ස්ථානයේ උණ්ඩ තුනක් වැටී ඇති අතර වාහනය අසල බිම සෙරෙප්පුවක්ද වැටී තිබී සොයාගෙන තිබේ. මෙම ව්‍යාපාරිකයා හොරණ ප්‍රදේශයේ මුදල් පොලියට ලබාදෙන ව්‍යාපාරයක් සිදු කරන අයකු වන අතර ඔහුගේ මුඛයට වෙඩි පහර වැදී ඇතැයි පොලිසිය පවසයි.
වෙඩික්කරුවන්ගේ සියලුම ක්‍රියාකාරකම් ව්‍යාපාරිකයාගේ නිවසේ සවිකර තිබෙන සීසීටීවී කැමරාවේ සටහන්ව ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසීය. වහා ක්‍රියාත්මක වූ ව්‍යාපාරිකයාගේ බිරිය ව්‍යාපාරිකයා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔහු ශල්‍යකර්මයකට ලක් කළ බව රෝහල් ප්‍රකාශකයකු පැවැසීය. බරපතළ තුවාල ලද ව්‍යාපාරිකයා රෝහල්ගත කරන අවස්ථාවේ දී අකුරු පහකින් යුත් පුද්ගලයෙකුගේ නමක් පවසා ඔහු වෙඩි තැබූ බවට පැවැසී යැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඔහුගේ බිරිය විසින් සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු හොරණ හොරකැටිය, කුඩාඋඩුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයකු බව පොලිසිය පවසයි.සිද්ධිය සිදුවූ ස්ථානයට පානදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ විමර්ශන ආරම්භ කළ අතර පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මූලිකත්වයෙන් සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශන හොරණ මූලස්ථාන පොලිසිය විසින් සිදු කර තිබේ.
සැකකරු වෙඩි තැබීමෙන් අනතුරුව ඊයේ (05) පස්වරු 05.35ට ඩුබායි බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 550 දරන ගුවන් යානයට ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ . හොරණ, අළුබෝමුල්ල පොලිසියේ දැනුවත් කිරීම මත මෙසේ ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි මෙම වෙඩික්කරු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහු පසුගිය මස 29 දින ඩුබායි සිට මෙරටට පැමිණ තිබූ අතර, මොහු මෙම වෙඩි තැබීම සඳහාම පැමිණ ඇති බවට පොලිසිය සැක පළ කරයි . හොරණ, අළුබෝමුල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ මෙම සැකකරු එම පොලිසිය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබේ.