Saturday, April 27, 2024
Home » කුඹුක්කන පඤ්ඤානන්ද විදුහලේ චමෝදී ප්‍රබෝධා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමට

කුඹුක්කන පඤ්ඤානන්ද විදුහලේ චමෝදී ප්‍රබෝධා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමට

by sachintha
March 28, 2024 1:45 am 0 comment

 

මොනරාගල කුඹුක්කන පඤ්ඤානන්ද මහා විදුහලේ එච්.එම්. චමෝදී ප්‍රබෝධා ක්‍රීඩිකාව 19න් පහළ ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සුදුසුකම් ලබා ඇත.

10 වැනි වසරේ ඉගෙනුම ලබන ඇය මොනරාගල පාරාවිලවත්ත පදිංචිව සිටී.

කුඩා කල සිට ක්‍රීඩාවට ඇලුම් කළ ඇය ක්‍රිකට් ක්‍රීඩාවට දක්වන උනන්දුව පිළිබඳව පැහැදුණු විදුහලේ ස්වේච්ඡා ගුරුවරයකු වූ කේ. චන්ද්‍රකුමාර් මහතා යටතේ ඇය පුහුණුව ලබා තිබේ.

විදුහල්පති ආර්.එම්.එස්. රත්නායක, විද්‍යාලයීය ක්‍රීඩා පුහුණුකාරිය වන නාලනී විජේරත්න මහත්මියගේ මඟ පෙන්වීම මත ක්‍රීඩා දිවිය ආරම්භ කළ ඇය දිස්ත්‍රික් පළාත් ක්‍රිකට් ක්‍රීඩා තරගවලදී දස්කම් රැසක් දක්වා තිබේ.

වේගපන්දු යවන්නියක ලෙස දස්කම් දැක්වූ ඇය වමතින් පාදඟ පන්දු යවන්නියක ලෙසද දස්කම් දක්වන අතර, දැනට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට 19න් පහළ කාන්තා කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත.

පහළොස් වන වියෙහි පසුවන ඇය 19න් පහළ කණ්ඩායමේ ළාබාලතම ක්‍රීඩිකාවයි.

ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස්. ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT