Home » අන්තර් යෞවන සමාජ විවාද ශුරතාව මාතර රාහුල් යෞවන සමාජයට

අන්තර් යෞවන සමාජ විවාද ශුරතාව මාතර රාහුල් යෞවන සමාජයට

by sachintha
March 28, 2024 1:45 am 0 comment

ජාතික තරුණ සේවා සභාව, මාතර දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය, රුහුණ විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝ‍පදේශන අංශය එක්ව ට්‍රාන්ස් ෆේරන්සි ශ්‍රී ලංකා ආයතනයේ සහාය ඇතිව සංවිධානය කළ අන්තර් යෞවන සමාජ විවාද තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට මාතර රාහුල් යෞවන සමාජය සමත් විය.

මෙහි අවසන් තරගය පසුගියදා රුහුණ විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. සමස්ත තරගාවලියේ අනුශූරතාව දිනා ගත්තේ රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයයි. කණ්ඩායම් 14ක් මෙවර තරගාවලියට එක්වූ අතර, අවසාන පූර්ව තරග සඳහා ග්‍රාමීය පාසල් දෙකක් වන පිටබැද්දර, අලපලාදෙණිය මහා විද්‍යාලය හා අකුරැස්ස මහා විද්‍යාලය සමත්වීම විශේෂත්වයකි.

රුහුණ විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන, වෘත්තීය මාර්ගෝපදේශන අංශයේ ප්‍රධානි මහාචාර්ය තුෂිත ගුණවර්ධන, ට්‍රාන්ස් ෆේරන්සි ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සංකිතා ගුණරත්න, මාතර ශාඛා ප්‍රධානි නීතිඥ තුෂාණි කන්දිල්පාන, ජාතික තරුණ සේවා සභාවේ මාතර සහකාර අධ්‍යක්ෂ ටී.එන්.එල්.ඒ. ජයසේකර, දිස්ත්‍රික් සම්මේලනයේ සභාපති දසුන් මිහිරංග යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙහි ජය සංකේත ප්‍රදානය සිදු කෙරිණ.

වැලිගම සමූහ – ටී.කේ. මහින්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT