Home » ආබාධ සහිතවූවන්ගේ මලල ක්‍රීඩා උයන්වත්ත පාපන්දු ක්‍රීඩාංගණයේදී

ආබාධ සහිතවූවන්ගේ මලල ක්‍රීඩා උයන්වත්ත පාපන්දු ක්‍රීඩාංගණයේදී

by sachintha
March 28, 2024 1:45 am 0 comment

ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ මාතර දිස්ත්‍රික් මලල ක්‍රීඩා උලෙළ – 2024, මාතර, උයන්වත්ත පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතා විසින් නිල වශයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ඇරඹුණු මෙම උළෙලේදී පෙනීමේ අපහසුතා සහිත තැනැත්තන් සඳහා වූ තරග, කථන හා ශ්‍රවණ අපහසුතා සහිත තැනැත්තන් සඳහා වූ තරග, අංග චලන ආබාධ සහිත තැනැත්තන් (රෝද පුටු භාවිත කරන) සඳහා වූ තරග, කෘත්‍රිම පාද, කෘත්‍රිම අත් පලඳනා හා ඒ හා සමාන ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ තරග, සෙමෙන් මනස වැඩෙන, ඔටිසම් හා මිහිමිත් පුරවැසියන් සඳහා වූ තරග ආදී වශයෙන් තරග ඉසව් 60කට අධික ප්‍රමාණයක් පැවැත්වීය.

ආබාධ සහිත තැනැත්තන්ගේ ක්‍රීඩා හැකියාව වර්ධනය කර ගැනීමට මෙන්ම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් තරගවලට ඉදිරිපත් වීම සඳහා සම අවස්ථා සලසා දීම මෙම ක්‍රීඩා උළෙලේ ප්‍රධාන අරමුණ විය. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා සමාජ සේවා දෙපාර්තමේන්තුව එක්ව මෙම මලල ක්‍රීඩා උළෙල සංවිධානය කරන ලද අතර, පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය ද මේ සඳහා ලබා දී තිබිණ.

මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ම නියෝජනය වන පරිදි ආබාධ සහිත තරගකරුවන්, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් වැල්ලහේවා මහතා ඇතුළු මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්, මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කර්නල් ආරියවංශ කණ්ඩම්බි මහතා, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 නියෝජනය කරමින් සමාජ සේවා නිලධාරීන්, ආබාධ සහිත තැනැත්තන්ගේ භාරකරුවෝ ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

අකුරැස්ස මධ්‍යම විශේෂ – විජිත සල්ගාදු

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT