Saturday, April 27, 2024
Home » ශ්‍රී ලංකා බාස්කට්බෝල් පිල මුල්වරට ඉන්දුනීසියාව පරදයි

ශ්‍රී ලංකා බාස්කට්බෝල් පිල මුල්වරට ඉන්දුනීසියාව පරදයි

by sachintha
March 28, 2024 1:46 am 0 comment

ආසියානු බාස්කට්බෝල් සංගමය සංවිධානය කරන ක්‍රීඩකයින් තිදෙනකුගේ කණ්ඩායම් අතර, ආසියා කුසලාන බාස්කට්බෝල් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල විසින් ඊයේ ඉන්දුනීසියානු කණ්ඩායම පරාජයට පත් කරන ලදී. මෑත කාලයේදී ශ්‍රී ලංකා බාස්කට්බෝල් පිලක් ඉන්දුනීසියාව පරාජය කළ පළමු අවස්ථාව මෙය වේ. ලකුණු 21 – 14කින් ඉන්දුනීසියාව පරාජය කළ ශ්‍රී ලංකා බාස්කට්බෝල් පිලට රුක්ෂාන් අතපත්තු, ශිරෝමන් යෝගනාතන්, පවන් ගමගේ හා දසුන් ශානක ක්‍රීඩා කළහ.

ඊයේ පස්වරුවේ මරියානා දූපත් පිල සමඟ තරගයෙන් ශ්‍රී ලංකා පිල 21-13ක් ලෙස ජයගත් අතර, අද උතුරුකොරියාවට එරෙහිව තරගය පැවැත්වේ.

රටවල් 23ක් සහභාගීවන මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව ‘බී‘ කාණ්ඩයෙන් තරග වදින අතර, දකුණු කොරියාව, උතුරු මරියානා දූපත හා ඉන්දුනීසියාව එම කාණ්ඩයේ අනෙක් රටවල් වේ. ඊයේ ආරම්භ වූ මෙම තරගාවලියේ අවසන් මහා තරගය මේ 31 වැනිදා සිංගප්පූරු ක්‍රීඩා සංකීරණයේදී පැවැත්වේ.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT