අවුරුදු 19න් පහළ පළමු කොටස ටියර් ‘බී’ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය.
කොළඹ ඒස් කැපිටල් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී ගාල්ල සාන්ත ඇලෝසියස් විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබමින් ඉසිපතන විදුහල මේ අවස්ථාව උදාකර ගත්තේය.
මේ තරගයේදී ඉසිතන පිල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ කෙවින් සැමුවෙල් ඉනිම දෙකේදීම අර්ධ ශතක රැස් කළ අතර, පන්දුවෙන් දස්කම් දැක්වූ නායක සිතුක ගුණවර්ධන ලකුණු 33කට කඩුලු 6ක් දවාලීය.
කොළඹ ඉසිපතන විදුහල අවසන් පූර්ව වටයේදී බම්බලපිටිය සාන්ත පීතර විදුහල සමඟින් තරග වදිනු ඇත.
ඉසිපතන පළමු ඉනිම – 156 (ඕවර 64) ඔකෙවින් සැමුවෙල් 53, චනුල් දිනෝත් 26, දුෂාන් මාලිංග 21 (සසිඳු රන්දීප 3/4) සහ දෙවැනි ඉනිම – 185/7 (ඕවර 76.1) කෙවින් සැමුවෙල් 73, චනුල් දිනෝත් 40, නවිඳු උමෙත් 25, ළෙසඳු කල්පගේ නොදැවී 24 (දුල්සිත් නිම්විරු 80/4, තාරුක පෙරේරා 30/2)
සා. ඇලෝසියස් පළමු ඉනිම – 150 (ඕවර 61.5) තාරුක පෙරේරා 40, චාර්ය පරණවිතාන 22 (සිතුක ගුණවර්ධන 33/6, දසිත් ෂෙනාල් 29/2)
ඉෂානි යද්දෙහි