Saturday, April 27, 2024
Home » අද දවස

අද දවස

by mahesh
March 29, 2024 1:00 am 0 comment

රාහු කාලය 
උදේ 10.43 – 12.25 දක්වා 
රාත්‍රී 10.40 – 12.15 දක්වා 
දිව්‍යමය සුබ මුහුර්ත 
ගමන් යාමට 
උදේ 6.00ට උතුර බලා 
උදේ 7.14ට උතුර බලා 
ලොතරැයි මිලදී ගැනීමට 
උදේ 7.52ට උතුර බලා 
උදේ 9.01ට උතුර බලා 
පැළ සිටුවීමට 
උදේ 8.59ට උතුර බලා 
සවස 4.04ට උතුර බලා

මේෂ 
වියදම අධික වෙයි

ඉතා සුපරික්ෂාකාරී විය යුතු දිනකි. නොකළ වරදකට චෝදනා එල්ලවේ. වියදම අධික වන අතර, තමා යම්කිසි ආකාරයක පිටරටකට යාමට සිතා කෙනෙකුට දෙන ලද මුදලක් තමාට අහිමි වීමට පුළුවන.

වෘෂභ
නව සැලසුමක් ක්‍රියාත්මක කරයි

දූ දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. එදිනෙදා කරගෙන ආ ආදායම් කටයුත්තක් සාර්ථක වීම නිසා නව සැලසුමකින් යුතුව එය කරගෙන යාමට සිතයි.

මිථුන
අනාගතයට නව ආයෝජනයක්

එහෙත් ලැබීම් අතින් යහපත්ය. මවු පාර්ශ්වයේ කෙනකු විසින් තමාට ලබාදෙන පරිත්‍යාගයන් මත අනාගතයට නව ආයෝජනයක් සිදු කෙරෙයි.

කටක
අන් අයගේ ඇප උපකාර

සිතට සතුට අභිවෘද්ධිය උදාවේ. නිතර ගමන් බිමන් යෙදේ. වාසස්ථානයෙන් පිට ගමන්ද බහුල වෙයි. තම ඥාතියකු විසින් තමාට එල්ල කරන චෝදනාවන් අසාර්ථක වන අතර අන් අයගේ ඇප උපකාර ද හිමිවේ.

සිංහ
රාජ්‍යතාන්ත්‍රික ඇප උපකාර

රාජ්‍ය තාන්ත්‍රික ඇප උපකාර හිමිවේ. බොහෝවිට තම ආර්ථිකය උසස් වන අන්දමේ ව්‍යාපාර හෝ රැකියා වැඩි දියුණුවේ.

කන්‍යා
මෙතෙක් නොවූවිරූ ජයග්‍රහණ

සිතේ සතුට අභිවෘද්ධිය උදාවේ. කලාකාමී අදහස් මතුවේ. ගරු නම්බු නාම පැසසුම් උදාවනු ඇත. පෞද්ගලික ජීවිතයේද මෙතෙක් නොවූවිරූ ජයග්‍රහණ හිමිවේ.

තුලා
නිවසක් තැනීමට උනන්දුවෙයි

ශරීර වෙහෙසකාරී බව නිසා කටයුතු අඩාළ වුවද තමා වෙනුවෙන් පෙනී සිටින අයකු නිසා සිතට සැහැල්ලුව උදාවේ. නිවසක් තැනීමට සුදුසු පරිසරයක් ගොඩනැඟීම නිසා ඒහා සම්බන්ධව කාලය කැප කරනු ඇත.

වෘශ්චික
අනාගතයට නව පණක්

නව ආර්ථික සැලසුමකට අඩිතාලම දැමේ. ඉදිරි අනාගත බලාපොරොත්තුවක් සපලවේ. අවිවාහක අයට මංගල යෝග උදාවනු ඇත. දුර බැහැර ගමන් බිමන් ද යෙදේ.

ධනු
පිටරට ගමන්

වෘත්තීය ජයග්‍රහණ රැසක් හිමිවේ. තමාට මෙතෙක් පැවති ගැටලු රාශියකට විසඳුම් ලැබේ. ගෙවතු වගා සාර්ථකවේ. ඒ අතර තමාට පිටරටකට යාමට අවශ්‍ය පසුබිම සැකසේ.

මකර
ඉදිරි ගමනට අනුශාසනා

ආගමික කටයුත්තක් සඳහා කාලය මිඩංගු කෙරෙන අතර, තමාට ලැබෙන යම් යම් උපදෙස් අනුශාසනා නිසා අනාගතය සුබවාදී කර ගැනීමට අවස්ථාව උදාවේ.

කුම්භ
ආර්ථික පාඩු එළඹේ

මැණික් කර්මාන්තයේ නියැළුණු අයට වාසනාව උදාවේ. ධීවර ක්ෂේත්‍රයේ කටයුතු අඩාළ වන අතර යම් යම් පාරසරික ගැටලු නිසා ආර්ථික පාඩුද විඳදරා ගැනීමට සිදුවේ.

මීන
රැකියා ව්‍යාපාර සාර්ථකවේ

තමාගේ විවාහය පිළිබඳව තිබූ ගැටලුවලට විසඳුම් ලැබේ. පෙම්වතුන්ට පෙම්වතියන්ට යහපත් කාලයකි. තම බලාපොරොත්තු ඉටුවේ. ව්‍යාපාර වේවා රැකියා වේවා සාර්ථක වන ලකුණු පෙනේ. ජලාශ්‍රිත ආදායම් උසස්වේ.

සුබසෙත හිටපු කර්තෘ ප්‍රවීණ ජ්‍යොතිෂ්‍ය වේදී අජිත් ධර්මසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT