Thursday, May 9, 2024
Home » එවරස්ට් කන්ද තරණයට පේරාදෙණිය සරසවියේ මානවකයෝ තිදෙනෙක් දිවයිනෙන් පිටත්ව යති

එවරස්ට් කන්ද තරණයට පේරාදෙණිය සරසවියේ මානවකයෝ තිදෙනෙක් දිවයිනෙන් පිටත්ව යති

by mahesh
March 29, 2024 1:00 am 0 comment

එවරස්ට් කන්ද තරණය කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානවක සමාජයේ මානවකයන් තිදෙනෙකු එළැඹෙන තුන්වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයීය බාලදක්ෂ සමූහය නියෝජනය කළ ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන හර්ෂ ධර්මප්‍රිය, 2 වන මහනුවර කිංස්වුඩ් බාලදක්ෂ සමූහය හා 500th Kandy Rego මානවක සමාජය නියෝජනය කරන, විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන තාරුක සමරකෝන්, 5 වන ගාලු විද්‍යාලෝක බාලදක්ෂ සමූහය නියෝජනය කළ ශාස්ත්‍ර පීඨය දෙවන වසර මලිදු දිල්ෂාන් යන මානවකයන් තිදෙනා මෙලෙස එවරස්ට් කන්ද තරණය කිරීමට පිටත්ව යති. මානවකයන් තිදෙනා ගාල්ල, මහනුවර සහ මීගමුව දිස්ත්‍රිකයන්හි ජනාධිපති බාලදක්ෂයෝ ද වෙති.

ඔවුන් සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ධජය පිරි නැමීම ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් බාලදක්ෂ මූලස්ථානයේ දී සිදුකෙරිණි. නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්. එෆ්. එස්. මූහීඩ්, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස්, කර්නල් පද්මලාල් පෙරේරා, මහනුවර දිසා කොමසාරිස් කපිල ප්‍රියන්ත මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT