Home » ඩෙන්මාර්කයේ 17 වැනි සියවසට අයත් ඓතිහාසික ගොඩනැඟිල්ලක් ගිනිබත් වෙයි

ඩෙන්මාර්කයේ 17 වැනි සියවසට අයත් ඓතිහාසික ගොඩනැඟිල්ලක් ගිනිබත් වෙයි

by sachintha
April 17, 2024 1:46 am 0 comment

17 වැනි සියවසේ ඉදි කර ඇති ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර පිහිටි ඓතිහාසික ගොඩනැඟිල්ල ගිනි ගෙන විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට පැරැණි කොටස් වෙළෙඳපොළ පිහිටා තිබූ එම ගොඩනැඟිල්ල කෝපන්හේගන් නුවර පිහිටි පැරැණිතම ගොඩනැඟිල්ලක් වන අතර, එය ගිනිබත් වීමෙන් නගරවාසීන් දැඩි කනගාටුවට පත් වූ බව ද වාර්තා වේ.

ගොඩනැඟිල්ල ගිනි ගැනීමත් සමඟ එතුළ සිටි පිරිස වහා පිටතට දිවගොස් දිවි බේරා ගත් බවත්, ඇතැමුන් ගොඩනැඟිල්ල තුළ තිබූ ඓතිහාසික සිතුවම් කිහිපයක්ම බේරා ගැනීමට සමත් වූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, මේ වන විට එහි ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරතව සිටින කම්කරුවකු සිගරට්ටුවක් දැල්වීමෙන් හෝ එහි විදුලි පරිපථයක දෝෂයකින් ගින්න හට ගන්නට ඇතැයි විමර්ශන නිලධාරීන් අනුමාන කර තිබේ. වසර 400ක ඩෙන්මාර්ක සංස්කෘතික උරුමය ගිනිබත් වූ බව එරට සංස්කෘතික ඇමැති ජේකොබ් එන්ගල් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT