Home » නඩු විභාගය අතරතුර ට්‍රම්ප් නිදි කිරා වැටෙයි

නඩු විභාගය අතරතුර ට්‍රම්ප් නිදි කිරා වැටෙයි

by sachintha
April 17, 2024 1:45 am 0 comment

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඓතිහාසික නඩු විභාගය පෙරේදා නිව්යෝක් නුවර අධිකරණයේදී ආරම්භ වන විට ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය ඊට යොමු වූවද, හිටපු ජනාධිපතිවරයා කිසිදු උනන්දුවකින් තොරව නිදි කිරා වැටෙමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 77 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් නඩු විභාගයේ පළමු දිනයේදී ජූරි සභාව තෝරා ගැනීම අතරතුර අඩ නින්දේ පසු වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. නිව්යෝක් ටයිම්ස් පුවත් සේවයේ මැගී හැබර්මන් සඳහන් කර ඇත්තේ ‘ට්‍රම්ප් නිදාගෙන සිටින බව පෙනේ. ඔහුගේ හිස පහතට ඇලවී තිබේ‘ යනුවෙනි.
විනිසුරු ජුවාන් මර්චන්ගේ දියණිය ට්‍රම්ප්ගේ විරුද්ධ පාර්ශ්වය වන ඩිමොක්‍රටික් පක්ෂයේ උපදේශිකාවක ලෙස කටයුතු කරන බැවින් එම නඩු විභාගයෙන් ඔහු ඉවත් විය යුතු බවට ඔහුගේ නීතිඥ කණ්ඩායම ඉල්ලීමක් කළ බවත්, විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විනිසුරුවරයා එම නඩු විභාගයට පෙනී සිටීම හේතුවෙන් ළබැඳියාවේ ගැටුමක් සිදුවීමේ වැඩි ඉඩකඩක් පවතින බව ට්‍රම්ප්ගේ නීතිඥ කණ්ඩායම යළි යළිත් අවධාරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT