Saturday, April 27, 2024
Home » ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයට දින නියම වෙයි

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයට දින නියම වෙයි

by chanaka
March 17, 2024 10:09 am 0 comment

මාස දෙකක මැතිවරණ සටනක් සඳහා වේදිකාව සකසමින්, ප්‍රධාන මැතිවරණ කොමසාරිස් රජිව් කුමාර් ප්‍රමුඛ මැතිවරණ කොමිසම 18 වැනි ලෝක් සභාවට මැතිවරණ කාලසටහන ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් 19 සිට ජුනි මස පළමුවැනිදා දක්වා අදියර හතකින් පැවැත්වීමට නියමිතය.

මැතිවරණයේ පළමු අදියර අප්‍රේල් 19 වැනිදා ආරම්භ වන අතර දෙවන අදියර ආරම්භ වන්නේ අප්‍රේල් 26වැනිදා ය.

ඉන් අනතුරුව 03 වන අදියර මැයි 07 වනදාත්, 04 වන අදියර මැයි 13 වනදාත්, 05 වන අදියර මැයි 20 වනදාත්, 06 වන අදියර මැයි 25 වනදාත්, 07 වන අදියර ජුනි 01 වනදාත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ඡන්ද ගණන් කිරීමේ කටයුතු ජුනි මස 04 වනදා සිට සිදු කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය පවත්වන ඉන්දීය මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ලියාපදිංචි ඡන්ද දායකයින් කෝටි 96.88ක් ඉදිරි මැතිවරණයේදී සිය ඡන්ද බලය භාවිත කරන බවත්, ඉන් කෝටි 47.15ක් කාන්තාවන් බවයි.

ඉන් ඡන්ද දායකයින් කෝටි 1.84 ක් වයස අවුරුදු 18-19 වයස් කාණ්ඩයට අයත් වන අතර ඡන්දදායකයින් කෝටි 19.74 ක් අවුරුදු 20-29 වයස් කාණ්ඩයට අයත් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම ඉන්දියාව පුරා ඡන්ද මධ්‍යස්ථාන කෝටි 10.5ක පමණ සිදුවන අතර, මැතිවරණ නිලධාරීන් කෝටි 1.5 කට වඩා වැඩි පිරිසක් සේවයේ යොදවා තිබේ.

ඉන්දීය මහ මැතිවරණය සඳහා වෙන් කර ඇති මුළු මුදල ඉන්දීය රුපියල් කෝටි 3400කි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT