Home » මෛත්‍රී­පාල සිරි­සේ­නගේ ප්‍රකා­ශය පිටු­පස දේශ­පා­ලන කුම­න්ත්‍ර­ණ­යක් ඇති බවට සැක­යක් තිබෙ­නවා

මෛත්‍රී­පාල සිරි­සේ­නගේ ප්‍රකා­ශය පිටු­පස දේශ­පා­ලන කුම­න්ත්‍ර­ණ­යක් ඇති බවට සැක­යක් තිබෙ­නවා

මන්ත්‍රී එස්.එම්. මරි­ක්කාර්

by Gayan Abeykoon
March 26, 2024 1:00 am 0 comment

හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා කළ ප්‍රකා­ශය පිටු­පස දේශ­පා­ලන කුම­න්ත්‍ර­ණ­යක් ඇත්දැයි සැක මතු­වන බව පාර්ලි­මේන්තු මන්ත්‍රී එස්.එම්.මරි­ක්කාර් මහතා පැව­සු­වේය.

විපක්ෂ නායක කාර්යා­ල­යේදී ඊයේ (25) පැවැති මාධ්‍ය හමු­ව­කදී ඒ මහතා මේ බව පැව­සීය.  තව­දු­ර­ටත් ඒ මහතා මෙසේද පැව­සීය.

පාස්කු බෝම්බ ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් ජනා­ධි­පති කොමි­සම විම­ර්ශ­න­යක් පැවැ­ත්වුවා. අධි­ක­ර­ණයේ නඩු ගණ­නා­වක් පැවැ­ත්වුණා. ඒ කිසිදු තැනක පාස්කු ප්‍රහා­රය සිදු කළ පුද්ග­ලයා තමන් දන්නා බව හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා සඳ­හන් කෙළේ නෑ. ඔහු දැන් සිදු­ක­රන ප්‍රකා­ශය පිටු­පස දේශ­පා­ලන කුම­න්ත්‍ර­ණ­යක් තිබෙ­නවා දැයි සැක­යක් මතු වෙනවා.

 

රක්ෂණ ශ්රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT