Monday, April 29, 2024
Home » පිලිප් ගුණවර්ධන ගුණ සැමැරේ

පිලිප් ගුණවර්ධන ගුණ සැමැරේ

by sachintha
March 27, 2024 1:00 am 0 comment

ලංකා සමාජවාදී ව්‍යාපාරයේ නිර්මාතෘ ජාතික වීරවර පිලිප් ගුණවර්ධන මහතාගේ 52 වැනි ගුණ සැමරුම නිමිත්තෙන් කොළඹ වරාය පිවිසුම් දොරටුව අසල පිහිටි ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ඊයේ (26) සිදු කෙරිණි.
කොළඹ වරාය ජනසතු කිරීමට සුවිසල් දායකත්වයක් දැක්වූ පිලිප් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් පිහිටවනු ලැබූ වරායේ පැරණිතම වෘත්තීය සමිතිය වන සමස්ත ලංකා හාබර් ඩොක් වෘත්තීය සමිතිය මෙම පුෂ්පෝපහාර උලෙළ සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවට මහජන එක්සත් පෙරමුණේ උප සභාපති, රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි, ලේකම් නීතිඥ තිස්ස යාපා, භාණ්ඩාගාරික මහානාම සමරනායක, උප ලේකම් ලලිත් රෝහණ ලියනගේ, හාබර් ඩොක් සමිතියේ ලේකම් ඩී.ඒ.ඩී. අජිත් ධම්මික මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT