Saturday, April 27, 2024
Home » භූතානයේ ඉහළම පුරවැසි සම්මානය පළමුවරට ලෝක රාජ්‍ය නායකයකුට

භූතානයේ ඉහළම පුරවැසි සම්මානය පළමුවරට ලෝක රාජ්‍ය නායකයකුට

by sachintha
March 28, 2024 1:37 am 0 comment

ඉනදියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි භූතානයේ ඉහළම පුරවැසි සම්මානය වන Order of the Druk Gyalpo රාජකීය ගෞරවයෙන් පිදුම් ලැබූ ලොව පළමු රාජ්‍ය නායකයා බවට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්දීය අගමැතිවරයාගේ පසුගිය භූතාන සංචාරය අතරතුර ඔහු මේ ගෞරවනීය සම්මානයට පාත්‍ර වූ බවත්, එරට රජ වංශයේ උත්තරීතර පුද්ගලයන්ට පමණක් පුදන ඉහළම පුරවැසි සම්මානය විදේශීය ජාතිකයකුට පිරිනැමූ පළමු අවස්ථාව ලෙසත් මෙය ඉතිහාසයට එක්වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම ගෞරවයෙන් පිදුම් ලැබීමෙන් මොහොතකට පසු සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එම සම්මානය කෝටි 140ක ඉන්දීය ජනතාවට කැප කරන බවය.

ඉන්දීය අගමැතිවරයාගේ දෙදින භූතාන සංචාරය අතරතුර ඔහු දෙපාර්ශ්වය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සඳහා සාකච්ඡා කිහිපයකටම සහභාගි වී ඇති අතර, භූතාන අගමැති ට්ශෙරින් ටොබ්ගේ සමඟ නිල සාකච්ඡාවකට එක්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. තිම්පු නුවර ළමා රෝහලක්ද, ඉන්දීය අගමැතිවරයා අතින් විවෘත වී ඇති අතර, එම රෝහල ඉදි කිරිම සඳහා ඉන්දීය රජයේ ආධාර ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT