Saturday, April 27, 2024
Home » ඉන්දියාවෙන් පළමුවරට බටහිර ඉන්දීය දූපත් රාජ්‍යයකට යුද ගුවන් යානා

ඉන්දියාවෙන් පළමුවරට බටහිර ඉන්දීය දූපත් රාජ්‍යයකට යුද ගුවන් යානා

by sachintha
March 28, 2024 1:37 am 0 comment

ඉන්දියාවේ එක්සිම් බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 23.27ක ණය මුදලකට නවදිල්ලි නුවරින් නව යුද ගුවන්යානා දෙකක් මිල දී ගැනීමට බටහිර ඉන්දීය දූපත් රාජ්‍යයක් වන ගයානා හි ආරක්ෂක හමුදාව සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්දියාව කැරිබියන් දූපත් රාජ්‍යයක් සමඟ මෙවැනි එල්ඕසී ණය ගිවිසුමකට අත්සන් තැබූ පළමු අවස්ථාව මෙය බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

පසුගියදා ගයානා මුදල් ඇමැති සහ ඉන්දීය එක්සිම් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය­ාධිකාරිවරයා අතර ඒ සම්බන්ධව ගිවිසුමකට අත්සන් තබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. කෙටි පියාසර සඳහා යෝග්‍ය බවට සහතික කර ඇති එම එච්ඒඑල් 228 වර්ගයේ ගුවන්යානා බටහිර ඉන්දීය දූපත් මුහුදු සීමාවේ නාවික මුර සංචාර සඳහා භාවිත කිරීම ගයානා රාජ්‍යයේ අරමුණ වී ඇතැයි ද වාර්තා වේ. එමෙන්ම එරට හමුදා කඳවුරු වෙත සැපයුම් කාර්යයන් සඳහා මෙන්ම අභ්‍යන්තර ස්ථානවලට හමුදා සෙබළුන් ප්‍රවාහනය කිරීමට එම ගුවන්යානා යොදා ගනු ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT