Saturday, April 27, 2024
Home » චීනයේ ආනයන-අපනයන ඉතිහාසයේ නව වාර්තාවක්

චීනයේ ආනයන-අපනයන ඉතිහාසයේ නව වාර්තාවක්

by chanaka
March 28, 2024 12:53 pm 0 comment

තම රටේ විදේශ වෙළඳාම 8.7% ක වාර්තාගත වර්ධනයක් අත්කර ගනිමින් මේ වසර සඳහා ශක්තිමත් ආරම්භයක් ලබා ගෙන ඇති බව චීනය කියාසිටී.

චීන නියෝජ්‍ය වෙළඳ ඇමතිනි Guo Tingting මේ බව කියාසිටියේ, චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය 26 වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

චීනයේ මෑතකාලීන නිෂ්පාදන, පරිභෝජන, ආනයන සහ අපනයන පිළිබඳ දත්ත සහ ප්‍රතිපත්ති එහිදී විග්‍රහ කෙරිණ.

මෙම වසරේ පළමු මාස දෙක තුළ, චීනයේ භාණ්ඩ ආනයනය හා අපනයනය යුවාන් ට්‍රිලියන 6.6 ක් වූ අතර, එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 8.7% ක වැඩි වීමකි. මෙම පරිමාණය ඉතිහාසයේ නව වාර්තාගත අගයක් බවත්, පසුගිය වසරේ සිව්වැනි කාර්තුව හා සසඳන විට ආනයන අපනයන වර්ධන වේගය 7% කින් පමණ වේගවත් වී ඇති බවත් ඇය සඳහන් කළා ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT