Thursday, May 9, 2024
Home » කොස්ලන්දේ පොළව පැලිලා නායයෑම් අවදානමක්

කොස්ලන්දේ පොළව පැලිලා නායයෑම් අවදානමක්

by sachintha
March 28, 2024 12:50 am 0 comment

අපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි

මේ දිනවල ඇද හැලෙන වර්ෂාව සමඟ මීට පෙරද දැවැන්ත නායයාම් සිද්ධියක් වාර්තාවූ කොස්ලන්ද මීරියබැද්ද බැද්දවත්ත ප්‍රදේශයේ ඊයේ (27) උදෑසන සිට යම් නායයාම් තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බව බදුල්ල දිස්ත්‍රික් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මීරියබැද්ද වතුයායේ පේලි නිවාස 14 හා 15 ඉහළ කොටස්වල මෙම පැළුම් තත්ත්වය නිරීක්ෂණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය වෙත දැනුම් දී ඇති බවත් බදුල්ල දිස්ත්‍රික් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම කොටසේ පදිංචි පවුල් 32ක් කොස්ලන්ද වත්ත සුරක්ෂිත රැඳවුම් මධ්‍යස්ථානයකට යොමුවන ලෙසද දැනුම්වත්කර ඇත.

මේ තත්ත්වය සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ. එල්. එම්. උදය කුමාර මහතාගෙන් හා හල්දුම්මුල්ල ආපදා නිලධාරී ගමගේ ඉන්දික පුෂ්පකුමාර මහතාගෙන් විමසීමේ දී ඔවුන් පවසා සිටියේ භූමියේ යම් සිදුවීමක් වන බව නිරීක්ෂණය වන බවය.

“මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමඟ මෙම කොටසේ යම් පැලුම් තත්ත්වයක් අප දින කීපයක්ම නිරීක්ෂණය කළා. මේ සම්බන්ධයෙන් ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය දැනුවත් කර තිබෙනවා. ඔවුන්ගෙන් නිර්දේශයක් ලැබෙන තුරු අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒවගේම මෙම අවදානම් කොටසේ පදිංචි ජනතාව එම ස්ථානවලින් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතුද අපි මේ වන විට සිදු කරමින් සිටිනවා.“හල්දුම්මුල්ල ආපදා නිලධාරී ගමගේ ඉන්දික පුෂ්පකුමාර මහතා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය.

මීගහකිවුල සමූහ එන්. නවරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT