Saturday, April 27, 2024
Home » හොංකොං නව ආරක්ෂක නීතිය ගැන තායිවාන පුරවැසියන්ට අනතුරු ඇඟවීම්

හොංකොං නව ආරක්ෂක නීතිය ගැන තායිවාන පුරවැසියන්ට අනතුරු ඇඟවීම්

by mahesh
March 29, 2024 1:00 am 0 comment

හොංකොං රාජ්‍යයේ පසුගියදා නව ආරක්ෂක නීතියක් ස්ථාපිත කිරීම හේතුවෙන් එරට සංචාරය කිරිමේදී සිය ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානය යොමු කරන ලෙස තායිවානය එරට පුරවැසියන්ට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීන පරිපාලනය යටතේ ඇති හොංකොං රාජ්‍යයේ මෑතකදී හඳුන්වා දුන් නව ආරක්ෂක නීතිය මූලික නීතියේ 23 වැනි වගන්තිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, රාජදෝහිත්වය, රාජ්‍ය රහස් පිට කිරීම ඊට ඇතුළත්ය. එමෙන්ම එවැනි කටයුතු සම්බන්ධව අත්අඩංගුවට ගන්නා සියලු පුද්ගලයන්ගේ නඩු විභාග කිරීම රහස්‍යභාවයෙන් යුතු අධිකරණයක සිදු වන බවද සඳහන් වේ.

එවැනි වරදකට හසුවන දෙස් විදෙස් ඕනෑම පුද්ගලයකුට දැඩි දඬුවම් ලබා දීමට හැකියාව ඇති අතර, රාජද්‍රෝහිත්වය සම්බන්ධව වරදකරුවන්ට ජීවිතාන්තය දක්වා

සිරදඬුවම් නියම කෙරෙනු ඇතැයිද, රාජ්‍ය රහස් පිට කිරිමේ හෝ ඔත්තු බැලීමේ කටයුතුවලට වරදකරුවන් වන පුද්ගලයන්ට වසර 20ක සිර දඬුවම් නියම වනු ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT