Home » සාලමුල්ලේ නිවෙසක වහලය කඩා වැටී නිවැසියෝ අවදානමේ

සාලමුල්ලේ නිවෙසක වහලය කඩා වැටී නිවැසියෝ අවදානමේ

හදා දුන්නොත් පිනක්

by mahesh
March 29, 2024 1:00 am 0 comment

කොළොන්නාව, සාලමුල්ලේ, ගාමිණී පාරේ පිහිටි නිවෙසක වහලයක් පෙරේදා රාත්‍රියේ කඩා වැටී ඇති අතර නිවැසියන් හට අනතුරක් සිදුව නොමැත.

සැමියා සහ බිරියත්, ඔවුන්ගේ 18 හැවිරිදි එකම පුතාත් මෙම නිවෙසේ ජීවිතය ගෙවනු ලබන්නේ දැඩි ජීවිත අවදානමකිනි.

මේ සම්බන්ධයෙන් එම නිවෙසේ බිරිය වන ශිලා ගමගේ මහත්මිය මෙලෙස අදහස් දැක්වූවාය.

Òමේක අපේ මහ ගෙදර. දැන් හොඳටම අබලන් වෙලා තියෙන්නේ. මැටි බිත්ති සහ උළු වහල දිරාපත් වෙලා. වහලෙන් කොටසක් පෙරේදා රෑ කඩාගෙන වැටුණා. අලුත්වැඩියා කරගන්න අපිට හරි හමන් ආදායමකුත් නැහැ. මහත්තයා අසනීප වෙලා රෝහලේ ඉන්නේ. එදා වේල හොයාගන්න මම පොඩි රැකියාවක් කරනවා. පුතාටත් ස්ථීර ආදායමක් නැහැ. කවුරුහරි කෙනෙක් මේ වහලය හදල දෙනව නම් ලොකු උදව්වවක්. අපිට සමෘද්ධි ලැබෙන්නෙත් නැහැ. අස්වැසුමත් නැහැ.Ó

මෙම සිද්ධිය දැක බලා ගැනීමට එහි පැමිණ සිටි සාලමුල්ල සමෘද්ධි සංවර්ධන නිලධාරි චින්තක මුතුකුමාරණ මහතා කියා සිටියේ මෙම පවුල බොහොම ‍ අසීරුවෙන් ජීවත් වන බවත් එම නිවෙස අලුත්වැඩියා කර ගැනීමට උපකාර කළ හැකි අයකු වේ නම් එය මහඟු පුණ්‍යකර්මයක් වන බවත් ය.

මුල්ලේරියාව - සිරිසේන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT