Saturday, April 27, 2024
Home » සෞඛ්‍යයෙන් පිට කෑම විකිණූ මහරගම රතු කැකුළු හෝටලයට දඩ

සෞඛ්‍යයෙන් පිට කෑම විකිණූ මහරගම රතු කැකුළු හෝටලයට දඩ

by mahesh
March 29, 2024 1:00 am 0 comment

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු අන්දමින් ආහාර නිෂ්පාදනය සහ විකිණීම ඇතුළු චෝදනා හතක් යටතේ, වත්තෙගෙදර මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්. එම්. ජී. මාධව, මහරගම – දෙහිවල පාරේ, රතු කැකුළු හෝටලයට එරෙහිව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොනු කළ නඩුව විභාග කළ අතිරේක මහේස්ත්‍රාත් එස්. විජේසිංහ මහතා, එම හෝටලයේ අයිතිකරු වන කේ. ප්‍රේමලාල් නමැත්තාට රුපියල් 21,000ක දඩයක් සහ දින 14ක් තුළ හෝටලේ අඩුපාඩු නිවැරදි කර, අධිකරණය වෙත යළි වාර්තා කරන ලෙස නියෝග කළේය.

මෙම හෝටලයේ අලෙවියට තිබෙන ආහාර දූෂණය විය හැකි අන්දමට ගබඩා කර තැබීම සහ කසළ බඳුන් විවෘතව තැබීම, ගෙබිම සහ ආපන ශාලාවේ බිත්ති අපිරිසුදු අන්දමින් පවත්වාගෙන යෑම, ආහාර සකස් කරන ස්ථානය පළිබෝධකයන් සහිත වීම සහ එහි සිවිලීමක් නොතිබීමත් ආහාර සකස් කිරීම සඳහා නුසුදුසු තත්ත්වයේ උපකරණ භාවිත කිරීමත් යන චෝදනා විත්තිකරුට එරෙහිව ගොනු කළ බව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දිනමිණට පැවසීය.

මහරගම - උදේනි චන්ද්‍රසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT