Saturday, April 27, 2024
Home » මොරටුව, පානදුර හා කටුබැද්දේ ගෙවල්වලට පැන්න හොරා දැලේ

මොරටුව, පානදුර හා කටුබැද්දේ ගෙවල්වලට පැන්න හොරා දැලේ

by mahesh
March 29, 2024 1:00 am 0 comment

රාත්‍රී කාලයේ නිවෙස් බිඳ ලක්ෂ හතක පමණ දේපොළ සොරා ගත් රතු වත්තේ ලැම්ඩා නමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන සැකකරුවකු මොරටුව, තෙලවල, රාහුල පාරේදී අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පවසයි.

මෙම සැකකරු පානදුර උතුර පොලිස් වසමේ පල්ලියමුල්ල හන්දිය ප්‍රදේශයේ නිවෙසක් බිඳ ලක්ෂ හතක පමණ දේපළ සොරා ගෙන ඇති අතර මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ නිවෙසක් බිඳ එක් ලක්ෂ විසිතුන් දාහක් පමණ වටිනා ජංගම දුරකථනයක් සහ ග්‍රයින්ඩරයක් සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි. මීට අමතරව කටුබැද්ද ප්‍රදේශයේ විදේශීය කාන්තාවක් පදිංචි නිවෙසකට ඇතුළුවීමට ගොස් නිවැසියන් අවදි වීම හේතුවෙන් පළාගොස් ඇති බවද අනාවරණය වී තිබේ. මොහු විසින් සොරා ගන්නා ලද පාපැදියක්, රූපවාහිනි යන්ත්‍රයක්, ගෑස් සිලින්ඩර් දෙකක් ඇතුළු ලක්ෂ තුනක පමණ දේපොළ සොයා ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.

40 හැවිරිදි වියේ පසු වෙන තෙලවල පාරේ පදිංචිව සිට ඇති මෙම සැකකරු පානදුර, රතුවත්ත ප්‍රදේශයේ මේ වන විට පදිංචිව සිටින බව අනාවරණය වී තිබේ. මොරටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ප්‍රැන්සිස් මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල ප්‍රසාද් සෙනෙවිරත්න, පො.කො. 20108 ජයනාත්, 7220 නිලන්ත, 95400 සුසන්ත යන නිලධාරීහු මේ පිළිබඳ විමර්ශන සිදු කළහ.

හල්තොට සමූහ විනීතා මානෙල් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT