Saturday, April 27, 2024
Home » දසුන්ගෙන් ශතකයක්

දසුන්ගෙන් ශතකයක්

by mahesh
March 29, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන එන්එස්එල් සිව්දින ක්‍රිකට් තරගාවලියේ තම දෙවැනි ශතකය වාර්තා කිරීමට හිටපු ශ්‍රී ලංකා සීමිත ඕවර නායක දසුන් ශානක ඊයේ සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මහනුවර කණ්ඩායමට එරෙහිව ආරම්භ වූ තරගයේ දී කොළඹ පිල වෙනුවෙන් දසුන් පන්දු 138කදී හතරේ පහර 14ක් සමඟින් ලකුණු 110ක් රැස් කළේය. හිමේෂ් ලියනගේ (46) සමඟ 6 වැනි කඩුල්ලට ලකුණු 118ක් එක් කළ දසුන්, 7 වැනි කඩුල්ලට දුනිත් වෙල්ලාලගේ (37) සමඟින් ගොඩනැඟූ සබඳතාව ලකුණු 62කි.

මේ ඉනිම හේතුවෙන් ඊයේ පළමු දිනයට තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන කොළඹ පිල කඩුලු 8ක් දැවී ලකුණු 330ක් රැස් කර තිබිණි.

මේ අතර ඊයේ දඹුල්ල කණ්ඩායමට එරෙහිව ගාල්ලේදී ආරම්භ වූ තරගය පළමු දිනයට නතර කරන විට ගාලු ක්‍රීඩකයෝ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 286ක් රැස් කර තිබිණි.

විෂාද් රන්දික ලකුණු 89 සහ නිමේෂ් විමුක්ති ලකුණු 34ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර, පසිඳු සූරියබණ්ඩාර ලකුණු 83ක් ඉනිමට එක් කළේය.

කොළඹ-මහනුවර

කොළඹ පළමු ඉනිම – 330/8 (ඕවර 87) දසුන් ශානක 110, හිමාෂ් ලියනගේ 46 (සිතුම් දිසානායක 58/3, නිම්සර අතරගල්ල 52/2)

ගාල්ල-දඹුල්ල

ගාල්ල පළමු ඉනිම – 286/5 (ඕවර 83) විෂාද් රන්දික නොදැවී 89, පසිඳු සූරියබණ්ඩාර 83 (ඩිල්ෂාන් අබේසිංහ 38/2)

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT