Home » රාජ්‍ය ඇමති ගමන් ගත් සුඛෝපභෝගී රථයක් සම්පූර්ණයෙන්ම ගිනි ගනියි

රාජ්‍ය ඇමති ගමන් ගත් සුඛෝපභෝගී රථයක් සම්පූර්ණයෙන්ම ගිනි ගනියි

by chanaka
April 16, 2024 9:21 am 0 comment

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් රථය බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේ දී හදිසියේ ගිනි ගැනීමකට ලක් වී තිබේ.

අද අලුයම 12.45ට පමණ මෙම සිදුවීම වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

රාජ්‍ය අමාත්‍යවරයා මහියංගනය ප්‍රදේශයේ සිට ඇල්ල ප්‍රදේශය දක්වා පැමිණෙමින් සිටියදී මෙම ගිනිගැනීම සිදුව ඇති බව සඳහන්වේ.

කෙසේ වෙතත් ගින්න හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට හානියක් සිදුව නොමැත.

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ රථයේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන් ම පාලනය කර තිබේ.

ඒ, බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ඇල්ල පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT