Home » තරුණ අපේක්ෂා ඉටු කළ හැකි නායකත්වය ජනරජ පෙරමුණ සතුයි -නැඟෙනහිර පළාත් සම්බන්ධීකාරක මර්සුක් මොහොමඩ්

තරුණ අපේක්ෂා ඉටු කළ හැකි නායකත්වය ජනරජ පෙරමුණ සතුයි -නැඟෙනහිර පළාත් සම්බන්ධීකාරක මර්සුක් මොහොමඩ්

by sachintha
April 18, 2024 1:00 am 0 comment

රටේ ආර්ථිකය ශක්තිමත් කර, තරුණ ප්‍රජාවගේ අපේක්ෂා ඉටු කළ හැකි නායකත්වය එක්සත් ජනරජ පෙරමුණ තුළ ඇතැයි එක්සත් ජනරජ පෙරමුණු තරුණ අංශයේ නැඟෙනහිර පළාත් සම්බන්ධීකාරක මර්සුක් මොහොමඩ් මහතා පැවසීය. එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සහභාගිත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවති තරුණ සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව බංකොලොත් වී තිබෙන බව පැවැසූ ඒ මහතා එහි අහිතකර ප්‍රතිඵල තරුණ ප්‍රජාවට දැඩිව බලපා ඇති බවත්, තරුණයන් විශාල වශයෙන් විදෙස්ගත වීමේ ප්‍රවණතාවක් පැනනැඟී ඇති බවත් කීවේය. එවැනි තත්ත්වයකදී නිවැරදි නායකත්වයක් යටතේ රට නිවැරදි මාර්ගයට අවතීර්ණ කරවීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සිය පෙරමුණ සතු බවද, එබැවින් තරුණ තරුණියන් සීමා මායිම් ඉක්මවා එක්සත් ජනරජ පෙරමුණ සමග එක් විය යුතු බවත් මර්සුක් මොහොමඩ් අවධාරණය කළේය.

දේශපාලනයේදී මෙතෙක් ජනතාව ලෙස ගත් තේ වැරදි තීන්දු රට බංකොලොත් වීමට එක් සාධකයක් වූ බව පැවැසූ හෙතෙම ඒ තත්ත්වය වෙනස් කරමින්, නව නායකත්වයක් යටතේ රට ගොඩනැගීමට සුදුසුතම අවස්ථාව එළඹ ඇති බවද කීය.

 

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT